gossiplanka alexa බෙන් ස්ටෝක්ස් වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානය එපා කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බෙන් ස්ටෝක්ස් වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානය එපා කියයි

එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝක්ස් වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ කර තිබුණා. තරගයේ වීරයා වූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් තම ජවය පෙන්නුව ද ඔහු නවසීලන්තයේ උපත ලැබූවෙක්. බෙන් ස්ටෝක්ස්ගේ පියා නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ රග්බි ක්‍රීඩකයෙක්.

නවසීලන්තයට එරෙහිව පැවති අවසන් තරගයේදී ඔහු නොදැවී ලකුණු 84 ක් ‍රැ කල බෙන් ස්ටෝක්ස් ජොස් බට්ලර් හැර සෙසු පිතිකරුවන් අසාර්ථක වී සිටි මොහොතක  සිය ඉනිම ගොඩ නගමින් තරගයේ ලකුණු සම කිරීමට සමත් වුණා. නමුත් සුපිරි පන්දුවාරයෙන් පසුව එංගලන්තයට ලෝක කුසලානය හිමි කර ගැනීමට හැකි වුණා.

'වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා'  ලෙස නම් කල පසු බෙන් ස්ටෝක්ස් සිය නිල ෆේස්බුක් වෙබ් පිටුවෙහි නිවේදනයක් පළ කරමින් එම සම්මානය තමන්ට අයිති එකක් නොවන බව පවසා සිටිනවා. 12 හැවිරිදි වියේදී තමන් එංගලන්තයට පැමිණි හෙයින් තමන්ට වඩා නවසීලන්තය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටයින් රැසක් සිටින බව ඔහු කියා සිටිනවා. 

"වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ වීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වනවා. ඒ වගේ ම මගේ නවසීලන්ත මෙන් ම මවුරි උරුමය ගැනත් මම ආඩම්බර වනවා. ඒත් මේ ගෞරවණීය සම්මානය මට සුදුසු නැහැ කියලා මට හිතෙනවා," 

 "මම හිතන්නේ සමස්ත නවසීලන්තය ම කේන් විලියම්සන්ගේ සහය වෙනුවෙන් ඔහු සමග එක්විය යුතුයි,"ඔහු තමයි ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුණේ. ඒ වගේ ම ඔහු පිරිමින්ට ආධ්‍යාත්මික නායකයෙක්. ඒ සම්මානයට සුදුස්සා ඔහුයි. මගේ ඡන්දයත් ලැබෙන්නේ ඔහුටයි," බෙන් කියා සිටිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu