gossiplanka alexa "හිතුවක්කාර, දඩබ්බර, ප්‍රතිපත්තියක් නැති, කොන්ද පණ නැති නායකයිනි. සියල්ලෝම වැඩක් බලාගෙන ගෙදර යන්න" - අතිඋතුම් කාදිනල් හිමිපාණන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"හිතුවක්කාර, දඩබ්බර, ප්‍රතිපත්තියක් නැති, කොන්ද පණ නැති නායකයිනි. සියල්ලෝම වැඩක් බලාගෙන ගෙදර යන්න" - අතිඋතුම් කාදිනල් හිමිපාණන්

කුත් අප්‍රේල් 21 වනදා  බෝම්බ ප්‍රහාර මාලාව දියත් කළ ත්‍රස්තවාදීන්ගේ එක් ඉලක්කයක් වූ ක‍ටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද නැවත බැතිමතුන් වෙත විවෘත කෙරුණා. ඒ වෙනුවෙන් ක‍ටුවාපිටිය දේවස්ථානය අසල දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර බැතිමතුන් දේවස්ථානයට ඇතුල්කර ගනු ලැබුවේ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

දේව මෙහෙයට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අයගේ ඥාතීන්ද, ප්‍රහාරයෙන් තුවාල ලැබූ බොහෝ දෙනෙක් ද ඒ අතර සිටියා. 

අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ දිව්‍ය පූජාව උදෑසන 8.00ට ආරම්භ කෙරුණා. 

මෙහිදී අදහස් දැක් වූ කාදිනල් තුමා ප්‍රකාශ කර සිටියේ මෙවන් දෙයක්.

"මේක මේ නොමඟ ගිය තරුණ පිරිසක් අල්ලගෙන ජාත්‍යන්තර ඕනෑ එපාකම් පිරිමහ ගන්නට මේ රට අස්ථාවර කරන්නට මේ රටේ එයාලගෙ කුමන්ත්‍රණ සාර්ථක කර ගන්න කෝලහාලයක් ඇති කරන්න කරපු ප්‍රහාරයක්. මුස්ලිම් අය මේකට වගකියන්න ඕන නැහැ. මේ අවස්ථාවේ දී කියන්න ඕනෑ අපේ නායකයින්ට කොන්ද පණ මදි. මෙහෙම නෙමේ ඒ ගොල්ලො වැඩ කරන්නට ඕන. විදේශීය බලවේගවලට අපේ රටට අත පොවන්න දෙන්න බැහැ. මේ භූමිය ශුද්ධ වූ භූමියක්. ඒ භූමියේ සශ්‍රීක භාවය ශක්තිමත් කරන්නට අපිට උදව් කරන්න. ඔබ නායකයො. කකුලෙන් අදින්න එපා. ඉතාමත්ම ශක්තිමත් ව තිබුණු බුද්ධි අංශය විනාශ කළා. 

එහෙම විනාශකරන්න කටයුතු කළේ ජාත්‍යන්තරයේ ඕනෑ එපාකම් පිරිමහන්න. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය එහෙම නැත්නම් මානව හිමිකම් කමි‍ටුව එහෙම නැත්නම් ලෝක එන්ජීඕ ව්‍යාපාර සං‍තෝෂ කරන්න මේ බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම අඩපණ කරලා අධෛරයට පත් කරන්න කටයුතු කළා. 

වනාතවිල්ලුවේ දී මේ අන්තවාදීන් අහුවුණු වෙලාවේ ඒ ගැන කිසිම දෙයක් කළේ නැහැ. ඒ අයව නිදහස් කරලා ඇරියා. ඒවගේම බුදුපිළිම කඩලා මාවනැල්ලේ දී ඒ විනාශය කරපු වෙලාවේ අල්ලගත්ත මිනිස්සුන්ව නිදහස් කරලා ඒකට ඔත්තු දුන්නු මිනිහට වෙඩි තියලා දැම්මා. මේවා ඔක්කොම යට ගැහැව්වා දේශපාලන නායකත්වය. ඔක්තෝබර් මාසයේ සිට විධායකය සහ ව්‍යවස්ථාදායක අතර තිබුණු අරගලය නිසාම ආරක්ෂක මණ්ඩලයේ ‍රැස්වීම් තිබ්බේ නැහැ. ලැබුණු ඔත්තු නායකයො මඟ ඇරලා දැම්මා. තුට්‍ටුවකටවත් ගණන් ගත්තෙ නැහැ. 

ඔබ හොඳට ඇවිදගෙන ගිහිල්ලා හොඳට ජීවත් වෙච්ච අය. දැන් ඔබ මේ විදියට රෝද පු‍ටුවකට හෝ ඇඳකට සීමාවෙලා තියෙන්නේ මෙන්න මේ හිතුවක්කාර, දඩබ්බර ඒ වගේම කිසිම ප්‍රතිපත්තියක් නැති නායකයින්ගේ වැරදි වැඩ නිසයි. ඒ නිසා දැන් කාලෙ ඇවිල්ලා තියනවා මේ ඔක්කොටම කියන්න ගෙදර යන්න කියලා. වැඩක් බලාගෙන ගෙදර යන්න. මේක කරන්න පුළුවන් කාටහරි දෙන්න"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu