gossiplanka alexa මුතුරාජවෙල රක්ෂිතය අනතුරේ, වායු බලාගාරයක් තැනීමට අනවසරයෙන් ඉඩම් වෙන් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුතුරාජවෙල රක්ෂිතය අනතුරේ, වායු බලාගාරයක් තැනීමට අනවසරයෙන් ඉඩම් වෙන් කෙරේ

විදුලිබල අමාත්‍යාංශය නිසි අධ්‍යයනයකින් තොරව, පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් මුතුරාජවෙල ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බව සඳහන් කරමින් ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ද ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියකින් කරුණු දන්වා තිබෙනවා. 

එම ලිපියෙන් වෙඩි දුරටත් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳ අවධානය යොමු කරමින් අනවසර අත්පත් කරගැනීම් වහා නවතා නිසි අධ්‍යයනයක් සිදු කර ජාතික පාරිසරික පනතට අනුව නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසයි. 

මුතුරාජවෙල රක්ෂිතයේ මෙගාවොට් 300ක ස්වාභාවික ද්‍රව කෘත වායු ((LNG)) බලාගාරයක් ඉදිකිරීම සඳහා හෙක්ටයාර 46ක පමණ භූමි ප්‍රමාණයක් නිසි පාරිසරික අධ්‍යයනයකින් තොරව පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් වෙන් කර ගැනීමට විදුලිබල බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බවටයි වාර්තා වනවා. මුතුරාජවෙල වැනි සංවේදී පාරිසරික ස්ථානයක සංවර්ධන කටයුත්තක් සිදුවන්නේ නම් මෙරට පාරිසරික නීති හා අණ පනත්වලට යටත්ව ඒ කටයුතු සිදුකළ යුතු වනවා.  ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට් පත්‍රයේ රෙගුලාසි ප්‍රකාරව සංවර්ධිත භූමිය හෙක්ටයාර් 4කට වැඩි නම් පාරිසරික තක්සේරු බලපෑම් වාර්තාවක්  සැකසීම අනිවාර්ය වනවා. 

වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති ශාක හා සත්ත්ව විශේෂ සහිත මේ තෙත් බිම හෙක්ටයාර් 6000ක පමණ භූමි භාගයකින් යුක්ත බවත් මුළු තෙත් බිමෙන් හෙක්ටයාර 1777ක් වන සත්ත්ව හා තුරුලතා ආඥා පනත යටතේ 1996 වසරේදී ගැසට් කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින බවත් ‘පරිසර යුක්ති කේන්ද්‍රයේ’ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පෙන්වා දෙනවා. මුතුරාජවෙල තෙත් බිම වූ කලී ජෛව විවිධත්වයෙන් අනූන, එමෙන්ම නාගරික ගංවතුර පාලනයටද ඉවහල් වන ඉතාමත් වටිනා සාරවත් තෙත් බිමක් බවයි ඔහු පවසා සිටින්නේ. 

කඩොලාන විශේෂ, මිරිදිය මත්ස්‍ය විශේෂ, උරගයන්, උභය ජීවීන්, ක්ෂීරපායීන්, පක්ෂීන් මෙන්ම සමනලුන් වැනි මෙම පරිසරයට ආවේණික සත්ත්ව, ශාක විශේෂද වැඩි වශයෙන් මේ තෙත් බිමේ දැකිය හැකි බව ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu