gossiplanka alexa ඔබටත් සඳට යන්න අවස්ථාවක් - ලෝකයේ සුපිරි ධනවතුන්ගේ නම් අතරට ගිය ශ්‍රී ලාංකිකයාගේ තවත් ආයෝජනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබටත් සඳට යන්න අවස්ථාවක් - ලෝකයේ සුපිරි ධනවතුන්ගේ නම් අතරට ගිය ශ්‍රී ලාංකිකයාගේ තවත් ආයෝජනයක්

ලොව වෙසෙන ධනවතුන් බොහොමයක් ලෝකය වෙනස් කිරීමට සමත් වූ ව්‍යාපාරික  නිර්මාණ බිහි කල අයවනවා. එසේ ලොව පුරා කතාවන විදෙස් නම් අතර ලාංකිකයෙක්ගේ නමක් ද තිබෙන බව ඇසුවොත් කවුරුත් පුදුම වේවි. චමත් පලිහපිටිය ලොව පුරා එසේ නමක් තැබීමට සමත්ව තිබෙනවා. මේ ඔහුගේ කතාව පිළිබඳ උපුටා දැක්වීමකි.

"චමත් පලිහපිටිය උපත ලබන්නේ ශ්‍රී ලංකාවේය. 1976 සැප්තැම්බර් 3 වැනිදාය. වයස අවුරුදු හයක් වන විට ඔහු තම මවත්, පියාත් සමඟ කැනඩාවට සංක්‍රමණය වෙයි. ඔහුගේ දීර්ඝ සාර්ථකත්වයේ ගමන ඇරැඹෙන්නේ එයින් පසුවය. එහෙත් එයට පෙර ඔහු පවසන අන්දමට බොහෝ දුක් අනුභව කිරීමට ඔහුට සිදු වෙයි. කැනඩාවේදී ඔහුගේ පියා විරැකියාවෙන් දරුණු ලෙස පීඩා විඳී. මවට රැකියාවක් ලැබෙන්නේ ගෘහ සේවිකාවක ලෙසය.

රජයෙන් දුන් ආධාරවලින් යන්තම් ජීවිතය ගැටගසා ගැනීමට ඔවුන්ට සිදු විය. චමත් එය හඳුන්වා දෙන්නේ ‘අවම ජීවිතයක්‘ වශයෙනි. එසේ වුවද ඒ සියලු බාධක මාධ්‍යයේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට චමත් සමත් වන්නේය. එහි ප්‍රතිඵලය වන්නේ ඔහු වයස අවුරුදු 17 වන විට වෝටර්ලූ සරසවියෙන් ඉලෙක්ට්‍රික් ඉංජිනේරු උපාධිය ලබාගැනීමයි. එයින් පසු තමා ලත් අධ්‍යාපනයද පාදක කර ගනිමින් නොයෙක් රැකියාවන්හි නිරත වුවද කැනඩාවේදී සාර්ථක වීමට චමත්ට හැකියාවක් ලැබෙන්නේ නැත.

පසුව ඔහු කැලිෆෝර්නියාව බලා පැමිණෙන්නේ කැනඩාවේදීට වඩා වැඩි අවස්ථාවක් තමන්ට ලැබෙනු ඇතැයි විශ්වාසයට ගනිමිනි. සැබැවින්ම එය එසේම වන්නේ අමෙරිකාවේ AOL ආයතනයට එක් වීමට ඔහුට අවස්ථාව ලැබීමෙනි. AOL යනු අමෙරිකාවේ අන්තර්ජාල පහසුකම් සපයන සමාගමකි. අන්තර්ජාල ක්ෂේත්‍රය චමත් පලිහපිටියට තමා මැවූ සිහින කරා යෑමට පඩි පෙළක් සැපයීය. AOL සමාගමේ සේවය කරන අතරතුර ඔහු දැක්වූ දක්ෂතාවල අවසානය වන්නේ ඔහු එතෙක් මෙතෙක් සමාගම් ඉතිහාසයේ ළාබාලතම උප සභාපතිවරයා ලෙස පත් වීම් ලැබීමෙනි.

එලෙස ජීවිතය සාර්ථක කරගනිද්දී ඔහු ජීවිතය අතිසාර්ථක කරගැනීමට කරන්නේ තමන්ට හීනයක් වුණු ජීවිකා වෘත්තියට සමුදෙමින් වඩා බැරූරුම් අභියෝග ජිවිතයට එක් කරගනිමිනි. බොහෝ දෙනා තමන්ට හීනයක් වුණු රැකියාවක් ලැබුණු විට ජීවිතයේ ඉතිරි කොටස එම රැකියාවේ නියැළෙමින් එම රැකියාව ආරක්ෂා කරගනිමින් සිටීමට වැය කළද චමත් පලිහපිටිය තමන්ගේ රැකියාව වූ AOL ආයතනයේ උපසභාපති ධුරයට සමු දෙයි. ඒ වඩාත් වැඩි අභියෝග කරා යොමුවීමේ අභිප්‍රාය පෙරදැරි කර ගනිමිනි.

පසුව තවත් සමාගම් කිහිපයක රැකියාවන්හි නියුක්ත වූ ඔහු අමෙරිකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධ ෆේස්බුක් සමාගමට එක් වූයේය. එහිදී ඔහුට ලැබෙන අභියෝගය වන්නේ වඩාත් වැඩි පරිශීලකයන් සංඛ්‍යාවක් ෆේස්බුක් වෙත සම්බන්ධ කර ගැනීම පිණිස වැඩසටහන් සැකසීමයි. චමත් එය ඉතා සාර්ථක ලෙස ඉටු කරන්නේ ඔහුට ලබාදුන් ඉලක්ක පහසුවෙන් ජය ගනිමිනි.

චමත් පලිහපිටිය තමන් ෆේස්බුක්හි සේවය කළ කාලය සිහිපත් කරමින් පවසා සිටින්නේ, තමන්ට කොතරම් අභියෝග කරා යා හැකිදැයි ෆේස්බුක්හි සේවය කිරීමෙන් තමන් තේරුම්ගත් බවයි. එමෙන්ම ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් යනු ‘ආත්මාර්ථකාමීත්වයෙන් තොර මිනිසකු‘ බවද චමත් ප්‍රකාශ කර තිබේ.

එහෙත් ලොව හෙල්ලු මේ ශ්‍රී ලාංකිකයා වටහාගන්නේ ෆේස්බුක් හි දිගින් දිගටම රැඳී සිටීම තම කාර්යය නොවන බවයි. ඒ අනුව 2011දී ෆේස්බුක් හි රැකියාවෙන්ද ඉවත් වන ඔහු දිගින් දිගටම තම සිහිනය හඹා ගියේය. ඒ අතර තමා එතෙක් උපයා තිබූ මුදල් නොයෙක් සමාගම්වල ආයෝජනය කිරීමටද චමත් කටයුතු කරන්නේ ශූර ව්‍යාපාරිකයකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි.

පසුව තම බිරිය සමඟ එක් වී The Social – Capital Partnership සමාගම පිහිටුවා ගැනීමට චමත් කටයුතු කෙළේය. 2015 වන විට එම සමාගම ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධියට පත් වන්නේ Social Capital සමාගම යන නමිනි. අධ්‍යාපන, සෞඛ්‍යය, මූල්‍ය යනාදී අංශවලට අවශ්‍ය මෘදුකාංග සහාය ලබාදීම චමත් පලිහපිටියගේ සමාගමේ මූලික කාර්යය ලෙස සරලව පැවසිය හැකිය. යළිත් මේ ලෝක මට්ටමේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා තම සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්නේ සමාගම පවත්වාගෙන අතරතුරදීම තවත් නොයෙක් ව්‍යාපාරයන්හි ආයෝජනය කිරීමෙනි. එය ඔහු ධනයෙන් ආඪ්‍ය කරමින් ලෝක මට්ටමේ ව්‍යාපාරික නායකයකු බවට පත් කෙළේය.

ව්‍යාපාරික සාර්ථකත්වයත් සමඟ ඔහු දේශකයකු ලෙසින්ද ප්‍රසිද්ධියට පත් විය. 2017 වසරේදී තම දේශනයකදී ඔහු අදහස් දක්වමින් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම ලෝක මට්ටමේ ව්‍යසනයක් බව පවසා සිටියේය.

අද වන විට මුළු ව්‍යාපාරික ලෝකයේම අවධානය ඔහු වෙත යොමු වී ඇත්තේ ඔහු තවත් පෙරැළිකාර ව්‍යාපෘතියකට අතගැසීමත් සමඟිනි. ඒ ලෝක ප්‍රකට ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන්ගේ අදහසකට අනුව ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත සඳ කරා සංචාරකයන් රැගෙන යෑමේ ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට එක් වීමෙනි. ඒ අනුව ඉදිරියේදී බ්‍රැන්සන්ගේ වර්ජින් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන වර්ජින් ගැලැක්ටික් සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සඳ කරා සංචාරකයන් රැගෙන යෑමේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලාංකික චමත් පලිහපිටියද මුදල් යොදවනු ඇත. 

ඒ ව්‍යාපෘතිය සාර්ථක වන්නේ නම් එය ලෝක ඉතිහාසයේ නිසැක පෙරැළියක් වනු ඇත. සංචාරක ව්‍යාපාරය යනු ලෝකයේ වැඩියෙන්ම මුදල් සංසරණය වන ව්‍යාපාරික ක්ෂේත්‍රයකි. එසේ නම් සඳ කරා සංචාරය කිරීමට කොතරම් දෙනෙක් කැමැත්ත දක්වනු ඇතිදැයි අනුමාන කළ හැකිය. ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික චමත් පලිහපිටිය තම මුදල් අභ්‍යවකාශයේ පැළ කිරීමට ගෙන ඇති තීරණය අතිශයින් අභියෝගාත්මක එමෙන්ම සාර්ථක වීමට විශාල ඉඩක් සහිත තීරණයක් බවයි. මේ සඳ සංචාර සාර්ථක වුවහොත් ලෝකයේ ලොකුම ධනවතුන්ගේ නම් ලැයිස්තුව අලුතෙන් ලිවීමට සිදු වනු ඇති අතර ශ්‍රී ලාංකිකයකු වන චමත් පලිහපිටියගේ නමද නොඅනුමානව ඒ අතරට ඇතුළත් වනු ඇත."

ටිරෝනි වැවලගේ

සිළුමිණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu