gossiplanka alexa කුණා‍ටුවට හසු වු ගාලු වරායේ තිබූ නැව ගල්පරයක සිරවේ - මුහුද රළු නිසා පිරිස බේරා ගැනීමට අපහසු තත්ත්වයක් | PHOTOS

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුණා‍ටුවට හසු වු ගාලු වරායේ තිබූ නැව ගල්පරයක සිරවේ - මුහුද රළු නිසා පිරිස බේරා ගැනීමට අපහසු තත්ත්වයක් | PHOTOS

ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත කුණාටු තත්ත්වය හේතුවෙන් ගාල්ල පිටත වරායේ නැංගුරම්ලා තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නම් නෞකාවක් නැංගුරම කඩාගෙන, ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසළ ගල් පරයක වැදි සිර වී ඇතැයි වාර්තා වනවා. නෞකාව තුල 15 දෙනෙකු ගේ පමණ පිරිසක් සිටින බවත් සඳහන්. 

මෙම නැව ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් රැගෙන එමින් තිබූ අතර එහි සිටි නාවිකයින්ද සමග මෙසේ ගසාගෙන ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය සදන් කොට තිබුණා. 

මේ වනවිට ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට තද සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර මුහුද ඉතා රළු වෙමින් ඇති හෙයින් එම ස්ථානයට යාමටද අපහසුවී ඇති අතර නෞකාවේ පිරිස බේරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu