gossiplanka alexa දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට නොහැකිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට නොහැකිද?

ද දකුණු අප්‍රිකාව සමඟ පැවති තහ්රඟය කඩුළු 9කින් පරාජය වීමත් සමඟම ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අනෙක් කණ්ඩායම් පරාජය වන තෙක් බලා සිටිය යුතු තත්ත්වයක් එළඹ තිබෙනවා.  එමෙන්ම ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඉන්දියාව අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු ද වනවා. 

එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරි වටයට සුදුසුකම් ලැබීම පිණිස එංගලන්තය ඉදිරි තරග දෙකම පරාජය වීම අත්‍යවශ්‍ය වන අතර යම් හෙයකින් එංගලන්තය ඉරිදා (ජුනි 30) ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජයගත හොත් ශ්‍රී ලංකාවට ඉදිරි තරග දෙක ජයගත්ත ද අවසන් පුර්ව වටයට පිවිසිය නොහැක. එංගලන්තයට ඇති ඉතිරි තරග දෙක වන්නේ ඉන්දියාව සහ නවසීලන්තය සමග ඇති තරඟයි.

ඊට අමතරව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා පාකිස්තානය සහ බංග්ලාදේශය ඔවුන්ට ඉතිරිව ඇති ඉතිරි තරග දෙකෙන් එක් තරගයක් හෝ පරාජය වීමත් අත්‍යවශ්‍යවේ.

එසේ වුවහොත් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසිය හැකිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu