gossiplanka alexa බිළිඳුන් නොමේරූ වෛද්‍ය ඒකකයට යොමු වීම නිසා කුරුණෑගල රෝහලේ තවත් වෛද්‍යවරයෙකු ගැන සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බිළිඳුන් නොමේරූ වෛද්‍ය ඒකකයට යොමු වීම නිසා කුරුණෑගල රෝහලේ තවත් වෛද්‍යවරයෙකු ගැන සැකයක්

වෛද්‍යවරයෙකු ලෙස පත්වීම් ලැබ මාස 06ක පමණ කාලයක් ගතව ඇති කණිෂ්ඨ වෛද්‍යවරයෙකු  කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද ඒකකයේ  සිසේරියන් සැත්කම් සිදු කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. පළපුරුද්දක් නොමැති එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් මගින් ගර්භාෂයෙන් පිටතට ගන්නා දරුවන් සාමාන්‍ය ලෙස ප‍්‍රතිචාර නොදක්වන බවත්, බොහෝවිට එම දරුවන් නොමේරූ හා අලූත උපන් බිළිඳුන්ගේ ඒකකයට ඇතුළත් කිරිමට සිදුව ඇති බවත් පැවසෙනවා. ඊට හේතු වී ඇත්තේ නිසි අයුරින් ගර්භාෂයේ සිටින දරුවන් පිටතට නොගැනීම බවයි රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දී ඇත්තේ. 

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත නිර්වින්දන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු පිරිසක් පැමිණිලි කර තිබෙනවා. ඉන්පසු රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් අදාළ වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත්, දින කිහිපයකට පසු යළි එම වෛද්‍යවරයා අදාළ ඒකකයේ සීසේරියන් සැත්කම් සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. අදාළ ඒකකය භාර ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ මැදිහත්වීමෙන් එය සිදුව තිබෙන බවයි පැවසෙන්නේ. 

ඒ පිළිබඳ විමසීමේ දී එම විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇත්තේ දෛනික සේවා මුර සඳහා යෙදවීමට අවශ්‍ය තරම් වෛද්‍යවරුන් නොමැති බැවින් අදාළ නවක වෛද්‍යවරයා සීසේරියන් සැත්කම් සඳහා යොමු කළ යුතු බවයි. චෝදනා එල්ල වන නවක වෛද්‍යවරයා, විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමැතිව තනිව සිසේරියන් සැත්කම් සිදු කිරීම සුදුසු නොවන කි‍්‍රයාවක් බවයි රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දී ඇත්තේ. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන පරිදි මෙම නවක වෛද්‍යවරයා, සැකකටයුතු සිසේරියන් සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිගේ ඥාතිවරයෙකු බවයි පැවසෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu