gossiplanka alexa "රිෂාඩ් බදුර්දීන් විසින් විලච්චිකුලම් රක්ෂිතයේ වහබ්වාදී ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබාදෙන ආරක්ෂක නිවස්නක් පිහි‍ටුවා තිබුණා" - මාධ්‍ය හමුවක දී අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"රිෂාඩ් බදුර්දීන් විසින් විලච්චිකුලම් රක්ෂිතයේ වහබ්වාදී ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබාදෙන ආරක්ෂක නිවස්නක් පිහි‍ටුවා තිබුණා" - මාධ්‍ය හමුවක දී අනාවරණයක්

ජාතික නිදහස් පෙරමුණේ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා අද (06) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රිෂාඩ් බදුර්දීන් විසින් පසුගිය කාලයේ විලච්චිකුලම් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් එළි පෙහෙළි කර පිහිටුවා ඇති මුස්ලිම් ගම්මානවල වහබ්වාදී ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබාදුන් ආරක්ෂක නිවස්න පිහිටා තිබූ බව අනාවරණය වී ඇති බවයි. ඔහු වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවීමට එම කාරණය වුව හොඳටම ප්‍රමාණවත් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

රිෂාඩ් බදුර්දීන්, අසාත්සාලි, ඒ.එම්.එල්.එම් හිස්බුල්ලා හා මුජිබර් රහුමාන් යන මුස්ලිම් දේශපාලනඥයන්ට පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසු දැඩි ජනතා විරෝධයක් එල්ල වූයේ ඔවුන් වහබ්වාදී ත්‍රස්තවාදය පතුරවා හැරීමෙන් මඟින් බිහිවූ ත්‍රස්තවාදීන් ආරක්ෂා කළ කපටි නරීන් පිරිසක් නිසා බවයැයි පෙන්වා දුන් උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා, එවැනි චෝදනා එල්ල නොවූ මුස්ලිම් ඇමැතිවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් තම ධුරවලින් ඉල්ලා අස්වූයේ කුමක් නිසාදැයි ප්‍රශ්න කර සිටියා.

" එවැනි ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරමින් වගකීමෙන් යුතුව කටයුතු කිරීමට මුස්ලිම් ඇමතිවරුන්ට අවස්ථා රැසක් තිබූණා. ඔවුන් එම අවස්ථාවලදී කිසිවක් නොකර සිත් සේ තම වරප්‍රසාද භුක්ති විදිමින් කාලය ගත කළා. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීම, ඒ සම්බන්ධයෙන්පොලීසියට තොරතුරු ලබා දුන් කබීර් හෂීම් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට වහබ්වාදී  ත්‍රස්තවාදීන් විසින් වෙඩි තැබීම, වනාතවිල්ලූවේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය සමඟ වහාබ් ත්‍රස්ත කඳවුරක් සොයා ගැනීම, අප්‍රේල් 21 වැනිදා වහබ්වාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් 400කට වැඩි පිරිසක් මියයාම වැනි අවස්ථාවලදී මේ මුස්ලිම් දේශපාලනඥයන් ඉල්ලා අස්වීමට තබා අඩුම තරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ නැහැ.

එහෙත් රිෂාඩ් බදුර්දීන් නැමති වහබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූ අන්තවාදියා රැක ගැනීමට මුස්ලිම් ඇමැතිවරුන් ඔහු සමඟ සිට ගනිමින් ඉල්ලා අස්වීම සිංහල, දෙමළ ජනතාව පමණක් නොව මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව ද අනතුරේ හෙළීමක්. සහරාන්ලා සහ රිෂාඩ් බදුර්දීන්ලා සමඟ සිටගැනීමෙන් මෙරට සමස්ත මුස්ලිම් ප්‍රජාවම වහබ්වාදී ත්‍රස්තවාදයට යටත් කරවීමට රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් දේශපාලකයන් 19 දෙනෙකු කටයුතු කිරීම ජාතියේ අවාසනාවක්" යැයි උදයශාන්ත මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu