gossiplanka alexa සිනමන් ග්‍රෑන්ඩ් හෝටලට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල කෝටිපති ව්‍යාපාරිකයා ගැන අළුත් තොරතුරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල කෝටිපති ව්‍යාපාරිකයා ගැන අළුත් තොරතුරක්

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික ඉන්සාෆ් අහමඩ් නමැත්තා ඉකුත් ජනවාරි මස 29 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා හමුවේ පෙනී සිට තිබෙණවා. ඒ රුපියල් ලක්ෂ 62ක ඇළුමිනියම්, පිත්තල සහ යකඩ ඇතුළු කන්ටේනර් බහාලූමක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක ප්‍රධාන සැකකරු ලෙස.

රුපියල් හැට එක් ලක්ෂ හැට හය දහස් පන්සිය විසි පහක් වටිනා ඇළුමිනියම්, පිත්තල සහ යකඩ අඩංගු කන්ටේනර් බහාලූමක් සොරකම් කලැයි මොහු ඇතුළු 07 දෙනෙකුට විරුද්ධව 2013 වසරේ මැයි මස 30 වනදා ග්‍රෑන්ඩිපාස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබු අතර පසුව එහි සැකකරුවෙකුව මුදා හැරුණා.

අද නඩුව කැදවූ අවස්ථාවේදී ග්‍රෑන්ඞ්පාස් පොලිසියට නියෝග කෙරුණේ මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති උපදෙස් ලබාගෙන සැප්තැම්බර් මස 10 වනදාට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu