gossiplanka alexa පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඉවත් වන්නේ නම් රජයේ ඉහළ තනතුරක් හෝ තානාපති තනතුරක්., නොමැතිනම් “පැන්ෂන් නැතුව ගෙදර යනවා ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඉවත් වන්නේ නම් රජයේ ඉහළ තනතුරක් හෝ තානාපති තනතුරක්., නොමැතිනම් “පැන්ෂන් නැතුව ගෙදර යනවා ද?

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තාකිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තෙවන දිනට අද රැස් වුණා. එහි දී අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කළා.

එහි දී පොලිස්පතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් තමාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන ලෙසත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තමාට බාර ගන්නා ලෙසත් පැවසු බවත් කියා සිටියා. තව දුරටත් කරුණු දැක් වූ පූජිත ජයසුන්දර මහතා

" පසුගිය අප්‍රේල් 23 වන දින සවස 6.30ට පමණ ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබා දී රාත්‍රී 8 පමණ මුණ ගැසීමට අවශ්‍ය බව පැවසුවා. ඉන්පසු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කමිටුවක් පත් කිරීමට සිටින බවත්, ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයා වශයෙන් තමා බාර ගත යුතු බව පැවසුවා. කුමන පරීක්ෂණ කණ්ඩායමක් ඉදිරියට ගියත් තමාට වරදකරු වීමට සිදු වන බව එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයාමට අපෙවසුවා. “පැන්ෂන් නැතුව ගෙදර යනවා ද? වරද පිළිඅරන් අස්වීම දෙනවද?“ කියලා ජනාධිපතිවරයා මගෙන් විමසුවා. ජනාධිපතිවරයා  ඉතා කරුණාවෙන් තමයි මෙහෙම කිවුවෙ.  සිව් වතාවක් පමණ මේ ගැන විමසුවා.

එවිට  මා සතු ලියවිලි ජනාධිපතිවරයාට පෙන්වූවා. ඒවා දෙස ජනාධිපතිවරයා ඉතා උවමනාවෙන බලා සිටියා. මා  වසර 35 ක පමණ පොලිස් සේවයේ නම කැත කර ගෙන නැහැ. මම හොරෙක් මෙනෙයි, මංකොල්ලකාරයෙක් නෙමෙයි. මං පොලීසියෙන් හම්බකර ගත්තේ නැහැ. ජනාධිපතිවරයා සමඟ 8.45 පමණ වන තෙක් සාකච්ඡා කළා. මට දෙම්පියන්ගේ බූදලය ඇතැත් මටම කියා තැනැක් හෝ නැහැ. කෙසේ වෙතත් නැවත වතාවක් අප්‍රේල් 25 වන දා ජනාධිපතිවරයා විසින් ඇමතුමක් ලබා ගෙන අස්වීමේ ලිපිය බාර නොදීම ගැන තරහින් විමසා සිටියා. මාව 29 වන දින අනිවාර්ය නිවාඩු යැවු වා" යැයි කියා සිටියා.

 තමා ධූරයෙන් ඉවත් නොවුයේ පොලීසිය පවා දීමට නොහැකි නිසා බවත් පැවසු පොලිස්පතිවරයා, තමාට පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඉවත් වන්නේ නම් රජයේ ඉහළ තනතුරක් හෝ තානාපති තනතුරක් දෙන බව ද  ජනාධිපතිවරයා තමාට කියා සිටි බව ද පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu