gossiplanka alexa බදියුදීන්ට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් ඉල්ලා අස් වූ අනෙක් මැති ඇමතිවරුන් ද වගකීම භාරගනී ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදියුදීන්ට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් ඉල්ලා අස් වූ අනෙක් මැති ඇමතිවරුන් ද වගකීම භාරගනී ද?


පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති කමිටුව වෙත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඇති සියලූ චෝදනා සම්බන්ධයෙන් ලබන සඳුදා පැමිණීලි ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමෙන්තුවේදී අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඒ ගැන පැවසුවේ මෙවන් අදහසක්.


"මම අහනවා මුස්ලිම් මන්ත්‍රීවරු ඇමතිවරු නව දෙනාගෙන් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා වෙනුවෙන් ඉල්ලා අස් වුණා. දේන් රිෂාඩ් බදියුදීන් ත්‍රස්තවාදයට උදව් කලා යැයි ඔප්පු වුණොත් ඒ වගකීම තමුන්නාන්සේලාත් භාරගන්නවද කියලා අපි අහනවා.

තමුන්නාන්සේලා වගකීම භාරගන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. මේක සිරිකොත රංගනයක්. අගමැතිතුමා සහ කට්ටියක් එක්කාසුවෙලා කරපු රංගනයක්"

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අසා සිටියේ  ඔබතුමා ළඟ තොරතුරු තියෙනවනම් විමර්ශන අංශයට භාර දෙන්න. ඔබතුමා ඒ තොරතුරු මේ වනවිට දීලා තියෙනව ද? එහෙම නැත්නම් දෙන්න බලාපොරොත්තු වෙනව ද? " යනුවෙන්. එයට පිළිතුරු දුන් මහින්දානන්ද මන්ත්‍රීවරයා  කියා සිටියේ

"අපි පාර්ලිමේන්තුවට විශ්වාසභංගෙ පමණයි ඉදිරිපත් කළේ. අපි ලබන සඳුදා ඒ සියළු තොරතුරු ඔබතුමාලා හදපු කමි‍ටුවට අපි භාරදෙනවා" යනුවෙන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu