gossiplanka alexa රාමසාන් සමරන්න කලින් ඉස්ලාම් තරුණයෙකු තැබූ සංවේදී සටහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාමසාන් සමරන්න කලින් ඉස්ලාම් තරුණයෙකු තැබූ සංවේදී සටහන

ස්ලාම් බැතිමතුන් මාසයක් පුරාවට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරලා මාසයක් පුරාවට දවසගානේ නිරාහාරව ඉඳලා එහෙමත් නැතිනම් නෝම්බි අල්ලලා තමයි රාමසාන් උත්සවය තියන්නේ.  , නවසඳ බැලීමෙන් අනතුරුව එම උපවාසය අතහැරීමේ අවසාන දවසට තමයි රාමසාන් කියන්නේ. ඉස්ලාම් අයට රාමසාන් කියන්නේ හරියට කතෝලිකයන්ගේ නත්තල හා පාස්කුත් සිංහල හින්දු අපේ අවුරුද්දත් වගේ තමයි . මෙ අවුරුද්දේ රාමසාන් සැමරුම නම් ඒ තරම් කාගෙවත් හිතට යහපත් දෙයක් වුණේ නැහැ.  රාමසාන් උත්සවය පටන් ගන්න පැය කීපයක් තිබියදී මුහුණු පොතේ ඉතාමත් සංවේදී සටහනක් අපට දක්නට ලැබුනා.  ඔස්මාන් ෆයිසන් නමැති මේ තරුණයා තමයි මේ සටහන තබා තිබුනේ.


”රාමධාන් දවස පටන්ගන්න තියෙන්නේ තව පැය කිහිපයයි. මම මේ කියන දේවල් ගැන පොඩ්ඩක් ඔබේ අවධානය යොමුකරන්න. රාමසාන් වල එක දෙයක් තමයි දුප්පත්කම සහ බඩගින්න හඳුනාගැනීම. ඒත් මේ රාමසාන් සමයේ ඊට වඩා දෙයක් ඔබට තේරුම්ගන්න පුළුවන් වේවි. මතක තියාගන්න, පාස්කු දවස කියන්නෙ ක්‍රිස්තියානි අයගේ සැමරුම් දවසක්. ජේසුතුමාගේ උඨ්ඨානය සිදුවුණු දවස තමයි එය. අපි ඔවුන්ගේ තත්වයට ගිහින් ඒ ගැන පොඩ්ඩක් හිතුවොත් ඔබට තේරේවි ඔවුන් ඒ දවස කොපමණ ඉහළින් සමරන්න ලෑස්තිවෙලා ඉන්න ඇතිද කියලා. ඔබ පොහොසත් බිරියානි එකක් හදද්දී ඔබට මතක් වෙන්න ඕන, ඔවුන් පාස්කු දවසේ උදෑසන ආහාර අරගෙන පල්ලි ගිහින් ගෙදරට ආවේ කීයෙන්, කීදෙනෙක්ද කියලා. ඔබ ගමක් එකතුවෙලා රාමසාන් සමරද්දී, ඔබට මතක්වෙයි ඔවුන්ගේ ගම්වල් කීයක් මළගෙවල් වුණාද කියලා. ඔබ අලුත් ඇඳුම් අඳිද්දී, ඔවුන් ජීවීතේ පළමු සහ අන්තිම වතාවට ඇඳුම් ඇන්දා. ඉතිං මේ රාමදාන් දවසේ සැණෙකෙලි නවත්‍තලා, ආගමික විදිහට ඔබේ රාමසාන් දවස ගතකරන්න. ශ්‍රී ලංකාව කියන්නේ අපේ ගෙදර. මේ ගෙදර මළගෙයක් වෙලා තියෙන වෙලාවක සැමරුම් ඕනෙම නෑ. අපි එකම ජාතියක් විදිහට එක්ව සිටිමු.” කියලා තමයි ඒ තරුණයා කියා තිබුණේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu