gossiplanka alexa ටර්පිඩෝ සහ කාන්දම් බෝම්බ ප්‍රහාරයන් දෙකක් නිසා ඉන්ධන නෞකා දෙකක් ගිනි ගනී (PHOTO)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ටර්පිඩෝ සහ කාන්දම් බෝම්බ ප්‍රහාරයන් දෙකක් නිසා ඉන්ධන නෞකා දෙකක් ගිනි ගනී (PHOTO)

මාන මුහුදු කලාපයේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නැව් දෙකකට ටර්පිඩෝ සහ කාන්දම් බෝම්බ ප්‍රහාරයන් එල්ල වී ඇති බව වාර්තා වනවා. එසේ එල්ලවූ ප්‍රහාරයන් සමග මැදපෙරදිග කලාපයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබෙනවා. 

නොර්වේ ව්‍යාපාරිකයෙකුට අයත් කටාර් හි සිට තායිවානය දක්වා පෙට්ට්‍රෝ කෙමිකල් ටොන් 75,000 ක් ප්‍රවාහනය කරමින් තිබු ඹ්ඨ් Fරොන්ට් Aල්ටෛර් නම්වූ  ඉන්ධන ප්‍රවාහන නෞකාවකට එල්ලවූ "ටර්පිඩෝ" ප්‍රහාරයත් සමග එම නැව ගිනිගෙන මුහුදුබත්වී ඇති බවයි ඉරාන රජයේ මාධ්‍ය විසින් නිවේදනය කර තිබෙන්නේ.නමුත් වෙතත්  ඹ්ඨ් Fරොන්ට් Aල්ටෛර් නෞකාවේ හිමිකරු පවසන්නේ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරා ගෙන ඇති බවත් නෞකාව මුහුදුබත්වී නොමැති බවත්ය.

මේ අතර පැනමාවට අයත් ඛොකුක ඡොඋරගෙඔඋස් නම් නෞකාවට කාන්දම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් එම ම නෞකාව තුල ගින්නක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මෙම  ප්‍රහාරයන් එල්ලවීමත් සමග එම නෞකාවන් මගින් උදව් ඉල්ලා නිකුත් කරනු ලැබූ සංඥාවන් තමන්ට ලද බවත් ඒ අනුව අවශ්‍ය සහය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කළ බවත් බහරේන් හි ස්ථානගතවී සිටින අමෙරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණිය සදහන් කර සිටිනවා. ඒ අනුව සිදුකළ මෙහෙයුම් මගින් ප්‍රහාර එල්ලවූ නෞකාවන් හි සිටි නැවියන් 44 දෙනෙකු බේරා ගැනීමට හැකිවූ බවයි අමෙරිකානු නාවික හමුදාව සදහන් කර සිටින්නේ. 

පසුගිය මාසයේදී ද ගල්ෆ් මුහුදු කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා 04කට මෙවැනි ආකාරයේ ප්‍රහාර එල්ලවූ අතර අමෙරිකාව ප්‍රමුඛ මැදපෙරදිග රටවල් එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ලකරනු ලැබුවා. නමුත් ඉරානය එම චෝදනා වලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ තමන් එම ප්‍රහාර වලට සම්බන්ධ නොවූ බවයි.

මැදපෙරදිග කළාපයේ ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය සමනය කර ගැනීමේ අරමුණින් යුතුව ජපාන අගමැති ෂින්සෝ ඇබේ අද දිනයේදී ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමිනි සමග සාකච්ජවක්ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu