gossiplanka alexa "‍රැස්වීම් වලට සිංදු දාපු නිසා සහරාන් විරසක වුණා. 2015 සහරාන් වැඩකලේ මෛත්‍රීපාල මහතාට" - හිස්බුල්ලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"‍රැස්වීම් වලට සිංදු දාපු නිසා සහරාන් විරසක වුණා. 2015 සහරාන් වැඩකලේ මෛත්‍රීපාල මහතාට" - හිස්බුල්ලා

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා අද , පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු‍ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා හමුවේ සාක්ෂි දීම සඳහා අද කැඳවා තිබුණේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතායි.

මෙහිදී සාක්ෂි දෙමින් හිස්බුල්ලා මහතා පවසා සිටියේ මෙවන් අදහසක්.

" 2015 ජනාධිපතිවරණයේ දී ම්ම මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දුන්නේ. සහරාන් සම්පූර්ණයෙන් මෛත්‍රීපාල මහතාට සහය දුන්නෙ.මුස්ලිම් කොංග්‍රසයට තමයි මගේ ඡන්දය ගියේ.  එහිදි මා පැරදුණා. සහරාන් තමයි එය සිදු කලේ. 2015 දී පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා අවසන් වු විට සහරාන් ඔහුගේ කාර්යලයට එන්න කියලා මට ආරාධනා කළා.   ඔහු එවකට දේශපාලනික වශයෙන් මා ඇතුළු මුස්ලිම් දේශපාලඥයින්ට කථා කළා.

සහරාන් එවකට ජාතික තව්හිද් ජමාද් නැමති සංවිධානය පිහිටුවා ගනිමින් ආගමික මතවාදයෙක් ලෙස කටයුතු කලා., ඔහු ඒ කාලේ ත්‍රස්ථවාදියෙක් නොවේ. පසුව ඡන්ද ලබා ගැනීමට අවශ්‍ය නිසා ඔහුගේ කොන්දේසිවලට එකඟතාවය දැක්වුවා. එම කොන්දේසි කඩ කිරිම නිසා මා  සමඟ සහරාන් විරසක වුණා. රැස්වීම්වල සිංදු දාන්න බෑ, කාන්තාවන්ට හා පිරිමින්ට එක්ව රැළිවලට සහභාගි වීමට නොහැකි යන කොන්දේසිවලට මා අකමැති වුණා. ඡන්ද 2000 කින් පමණ මාව සහරාන් පැරද්දුවා. "

මෙහිදි ප්‍රශ්න කරමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, සිංදු දානවට සහරාන් හිස්බුල්ලා සමඟ විරසක වුයේ නම් මුස්ලිම් කොංග්‍රසය ජයග්‍රහණය කළේ ඔවුන් සිංදු නොදා සිටියේ ද යන්නයි.

එයින් පැහැදිලි වෙන්නේ සිංදු නිසා නොව වෙනත් හේතුවක් මත සහරාන් හිස්බුල්ලා සමඟ විරසක වු බව පෙනී යන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu