gossiplanka alexa ආවා කල්ලියට විවෘත ආරාධනාවක්, ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආවා කල්ලියට විවෘත ආරාධනාවක්, ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

තුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා පෙරේදා (14) ආවා කල්ලියට විවෘත  ආරාධනාවක් සිදු කරමින් කියා සිටියේ ආවා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.
ආණ්ඩුකාරවරයා විසින් ආවා කල්ලියට මෙම ආරාධනාව සිදු කර ඇත්තේ


පසුගිය 12 වනදා යාපනය කොකුවිල් උපදුම්රිය ස්ථානාධිපති වරයාට පහරදීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් අදාළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවට සැක පල කිරීම හේතුවෙන්.

උතුරු පළාතේ සිදු කෙරෙන අවි ආයුධ  ගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා සමාජ විරෝධි ක්‍රියාවන් හේතුවෙන් ජනතාව අතර බියක් ඇතිව තිබෙන අවස්ථාවක ආවා කල්ලියට කිසියම් ගැටලුවක් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවට ඊයේ උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.

උතුරේ ජනතාව අතර ව්‍යාකූල තත්ත්වයක් හෝ බියක් ඇතිවන්නේ නම් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවටත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට හේතුව මෙන්ම ආවා කල්ලියේ අරමුණ ජනතාවට දැනගත යුතු බවටත් ආවා කල්ලියට මෙය හොඳ අවස්ථාවක් බවටද ඒ සඳහා කිසිදු සැකයකින් තොරව තමන් හමුවීමට හෝ එම කල්ලිය හමුවීමට තමන් සූදානමින් සිටින බවටද උතුරු ආණ්ඩුකාර වරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

ලංකාවේ හොඳම ගොසිප් පුවත් වෙබ් අඩවියේ නාමය Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu