gossiplanka alexa ඉල්ලා අස් වූ ඇමතිවරුන් මසකට පසු නැවත දිව්රුම් දීමක් සිදුවන්නේ නැහැ, ජනාධිපතිවරයාගෙන් දැඩි තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉල්ලා අස් වූ ඇමතිවරුන් මසකට පසු නැවත දිව්රුම් දීමක් සිදුවන්නේ නැහැ, ජනාධිපතිවරයාගෙන් දැඩි තීරණයක්

නැවත කිසිදු ඇමතිවරයෙක් දිවුරුම් දීම් කිසිවක් සිදු නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පැවති විශේෂ කැබිනට් මණ්ඩල හමුව අවසානයේ සදහන් කර තිබේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේවන විට පෙත්සම් කිහිපයක්ම විභාග කරන අවස්ථාවක තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත්, නිතිපතිවරයාගෙන් ලද එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් එයට ප‍්‍රතිචාරයක් ලැබී නැති බවටද ජනාධිපතිවරයා කැබිනට් රැස්විමේදි ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා. 



එම බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 05ක් විභාග වෙමින් තිබියදී නීති විරෝධීව කටයුතු කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම අත්හිටුවන තෙක් තමන් කැබිනට් මණ්ඩලය නොකැදවන බවත් රාජ්‍ය මට්ටමේ කිසිදු කටයුත්තකට සහභාගී නොවන බවටත් ජනාධිපතිවරයා එහීද පවසා තිබෙනවා. කැබිනට් මණ්ඩල හමුවෙන් පසුව ඇමතිවරුන් සිවු දෙනෙකු දිවුරුම් දීම ගැන එජාපය විසින් සිහිපත් කල අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා .ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවාව සහ ජාතික ආරක්‍ෂාව ගැන කිසිදු තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය විරෝධය පළකර තිබෙන බව වාර්තා වන්නේ. 

තවද, බුද්ධි අංශ නිලධාරින් ප්‍රසිද්ධියේ කැදවා ඔවුන්ගෙන් මාධ්‍ය හමුවේ බුද්ධි තොරතුරු විමසිම මගින් බුද්ධි අංශ සාමාජිකයින් මෙන්ම රටේ ජාතික ආරක්ෂාවටද එය දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇතිවන බවට මෙහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සදහන්.

ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිවරුන් 08 දෙනා මසකට පසු නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමද  සිදු නොකෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සදහන් කළා. කෙසේ වෙතත් කබීර් හෂීම් මහතාගේ ඉල්ලා අස්වීම මේ වන තෙක් ජනාධිපති කාර්යාලයට ලැබී නැති නිසා ඔහුට තව දුරටත් ඇමති ධුරයේ කටයුතු කල හැකි වනු ඇත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu