gossiplanka alexa දැනට සේවයේ නිරත කිසිදු බුද්ධි අංශ නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්නේ නැහැයි ජනාධිපති තරයේ කියා සිටී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දැනට සේවයේ නිරත කිසිදු බුද්ධි අංශ නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්නේ නැහැයි ජනාධිපති තරයේ කියා සිටී

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම අප්‍රසාදය පළ කර සිටිනවා. මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරනබවත් එතුමා වැඩි දුරටත් කියා සිටියා. එම සියලූදෙනා පිළිබඳවම වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කර ඇත.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ.  

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම ඊයේ (07දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදී.

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදාළ මෙහෙයුම්වල දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ප‍්‍රදානයන් ලබාදීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුනු අතර එමෙන්ම සයින්දමරුදු ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් රැදී සිටි ස්ථානය පිළිබඳ දැනුම් දුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙත ද ලක්ෂ 10 බැගින් මුදල් පරිත්‍යාග කිරීමද එහිදී සිදු කෙරුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu