gossiplanka alexa මක්කම බලා ගමන් ගිය ගුවන් යානයට සප්ත කන්‍යා කඳු ළඟදි ඇත්තටම මොකද වුණේ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මක්කම බලා ගමන් ගිය ගුවන් යානයට සප්ත කන්‍යා කඳු ළඟදි ඇත්තටම මොකද වුණේ?

ප්ත කන්‍යා, එහෙමත් නැත්තන් Seven Virgin Hills කියන්නේ මධ්‍යම පළාතෙ මස්කෙළිය නගරයත් ඊට යාබදවත් පිහිටල තියෙන සුන්දර කඳු පන්තියක්. මේ 1974 දෙසැම්බර් 04 වෙනිදායි. රෑ 10 කණිසම වැදිලා හරියට ම විනාඩි 10ක් යන්න ඇති. සාමකාමී ව නින්දට වැටිලා උන්නු මස්කෙළියේ මිනිස්සු ඇහැරුණේ අහස දෙදරුම් කන සද්දයක් ඇහුණු නිසා. හරි ම අමුතු විදියට ආකාසේ පහළින් ගමන් කරමින් තිබුණු ගුවන් යානයක් සප්ත කන්‍යා කඳු පේළියේ වැදිලා සී සී කඩ වුණා.


ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළින් ආකාසේට නැග්ග මාටින්එයා 138 පියාසර අංකය යටතේ ගමන් ගත්ත ගුවන්යානය තමයි මේ විදියට සප්ත කන්‍යා කඳු වැටියේ වැදිලා විනාශ වුණේ. මක්කම බලා යමින් ඉඳපු මේ මැක්‌ඩොනල්ඩ් ඩග්ලස්‌ ඩී. සී. 8 වර්ගයේ ගුවන්යානය ඒ ගමන අතරතුරදී කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්සන්නත් සූදානම් කරලා තිබුණා. මගීන් 182 ක්‌ සහ කාර්ය මණ්‌ඩලයේ 9 දෙනෙක් ඒ වෙද්දී මේකේ ගමන් ගනිමින් හිටියා. ගුවන් යානය පැදෙව්වේ ඕලන්ද ජාතික පළපුරුදු ගුවන් නියමුවෙක්. ඔහුගේ නම හෙන්රික්‌ ලැම්මේයි.

දැන් වගේ ඉස්සර ජංගම දුරකතන, රූපවාහිනී, එෆ්.එම් නාලිකා තිබුණේ නැහැනේ. මස්කෙළියේ ඉඳන් කොළඹට කතා කළෙත් දුරකථන ක්‍රියාකරුවෙකුගේ උදව්වෙන්. නෝටන් බ්‍රිජ් තැපැල් හලේ ඉඳලා, කොළඹට මේ අනතුර වාර්තා වෙන්නත් සෑහෙන්න කාලයක් ගත වුණාලු. කොහොම නමුත් පහුවෙනිදා දවල් වෙද්දී හෙලිකොප්ටරයකින් ආව ගුවන් හමුදාවේ කණ්ඩායමක් ඇවිදින් අනතුර වෙච්ච තැන හොයාගත්තා. ඒත් එක්ක ම ගමේ මිනිස්සුත් වැල නොකැඩී අනතුර සිද්ධ වෙච්ච තැන බලන්න එන්න පටන්ගත්තා.

යානාවේ ගමන් ගත්ත මගීන්ගේ මළ සිරුරු විශාල ගණනක් සප්ත කන්‍යාවේ දෙබොක්කාවට වැටිලා තිබුණා. අනතුර සිද්ධ වුණු තැන බලන්න ආව පුද්ගලයෙකුත් මේකට ම වැටිලා මිය ගිය බවකුත් වාර්තා වුණා. මගීන්ගේ සිරුරු බොහොමයක් ඉස්ලාමීය අවමංගල චාරිත්‍ර වාරිත්‍රවලට අනූව කඳු වැටිය කිට්ටුව ම මිහිදන් කෙරුණා. ගුවන් යානයේ ඉඳපු එක ගුවන් සේවිකාවකගේ සිරුරක් නම් ආයෙත් ඕලන්දයට අරන් ගිහින්. ඒ ඇගේ පෙම්වතා විසින්.

මේ ගුවන් යානයේ ගමන් ගත්ත මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 191දෙනා ම මේ අනතුරින් මිය ගියා. මේක ගැන විස්තර මාධ්‍යට වාර්තා වුණෙත් දවස් කීපයකට පස්සේ. ඒකට හේතුව, ෆැක්ස් පහසුකම් වගේ දේවල් නොතිබුණු නිසා සිද්ධිය ගැන වාර්තා කරන්න ආව මාධ්‍යවේදීන් මුහුණ දුන්නේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වීමයි.

ගුවන් යානයේ තිබුණු කාර්මික දෝෂයක් නිසා මේ අනතුර වුණා කියලා තමයි ප්‍රසිද්ධ වුණේ. ඒත් කට්ටියක් කියන විදියට මේක ගුවන් නියමුවාගේ වැරැද්ද. එයාලගේ අදහස නම් කොළඹ ගුවන් ගමන් පාලක මැදිරියෙන් දුන්නු උපදෙස් වැරදියට තේරුම් අරගෙන යානාව පහත කරද්දී සප්ත කන්‍යා කඳු මුදුනේ ගැටුණු බවයි. සප්ත කන්‍යා කන්ද අඩි 4355ක් වගේ වුණත්, ගුවන් යානය ගමන් කරලා තියෙන්නේ අඩි 2000ක් විතර පහතින්.

තවත් කාණ්ඩයක් කියන විදියට මේ අනතුර වෙලා තියෙන්නේ කොළඹ ගුවන් ගමන් පාලක මැදිරියේ වැරැද්දෙන්. අඩි 35000 ක්‌ උඩින් ගමන් ගත්ත ගුවන් යානයට, අඩි 2000ක් දක්වා පහළට එන්න උපදෙස් දුන්නේ කවුද කියන එක ගැන අදටත් හොයාගන්න ලැබිලා නැහැ. පළපුරුදු ගුවන් නියමුවෙක් වගේ ම, ලංකාවට ආව ගිය කෙනෙක් වෙච්ච හෙන්රික්‌ ඒ වගේ උපදෙසක් පිළිගත්තේ ඇයි කියන එකත් ගැටළුවක්. අනික ඒ කාලේ ලංකාවේ ගුවන් පාලක මැදිරිය තිබුණේ තාක්ෂණික අතින් සෑහෙන්න අඩු තත්ත්වෙක. මේ චෝදනාව ඔවුන්ට එල්ල වෙන්න පළමුවෙනි හේතුව වෙන්නෙත් ඒකයි.






ගුවන් යානය නිසා හානි වෙච්ච සප්ත කන්‍යා කඳු පර්වතයේ ඒ වැදුණු සළකුණ අදටත් දැකගන්න ලැබෙනවා. මේ විදියට විනාශ වෙච්ච ගුවන් යානයේ කෑලි ගම්මු ගොඩක් අය එකතු කරගෙන. පස්සේ කාලෙකදී මේවා ලොකු ගණන්වලට විකුණලා. මේ අතර තිබුණු යානයේ ටයරයක් පාවිච්චි කරලා හදපු ස්මාරකයක් මේ වෙද්දීත් නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේ තියෙනවා.



අවිස්සාවේල්ල, ගිණිගත්හේන පාරෙන් හැටන් හරහා ශ්‍රී පාදය වඳින්න යන උදවියට මේක දැකගන්න පුළුවන්. මිය ගිය ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අයගේ නම් කොටපු ගලකුත් මේ ස්මාරකය පාමුළ තියෙනවා.  
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu