gossiplanka alexa ශහිඩ් අෆ්රිඩි ලංකාවට එරෙහිව ලොව වේගවත්ම ශතකය ගැහුවෙ තෙන්ඩුල්කාර්ගෙ පිත්තෙන් - සහ තවත් රස කතා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශහිඩ් අෆ්රිඩි ලංකාවට එරෙහිව ලොව වේගවත්ම ශතකය ගැහුවෙ තෙන්ඩුල්කාර්ගෙ පිත්තෙන් - සහ තවත් රස කතා

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියත් සමඟම ක්‍රීඩා ලෝලීන්ට ඇත්තේ ඒ ගැන මහත් උනන්දුවක්. ශ්‍රී ලාංකික ක්‍රීඩ ලෝලීන් නම් මෙවර ලෝක කුසලානය ගැන එතරම් බලාපොරොත්තුවක් නැහැ. ක්‍රිකට් ගැන කතාවෙන මේ කාලේ අතීතයේ සිදු වුණු අපූරු සිදු වීම් කිහිපයක් මේ විදියට සටහන් කරන්න අපි හිතුවා. කවුරුත් නොදන්න මේ රසවත් සිදුවීම් ගැන කියවලාම දැනගන්න.

1. පාකිස්තාන ප්‍රවේගකාරී පිතිකරු ශහිඩ් අෆ්රිඩි ලොව වේගවත්ම ශතකය වාර්තා කිරීමට ලෝක පූජිත ඉන්දියානු පිතිකරු සචින් තෙන්දුල්කාර්ගේ පිත්ත භාවිත කළ බව දන්නවා ද?

1996 දී ශහිඩ් අෆ්රිඩි බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සිට නයිරෝබි කරා තරග සංචාරයකට පැමිණි අතර එහි දී ඔහු සතුව නිසි පිත්තක් තිබුණේ නැත. එම අවස්ථාවේ දී තරුණ අෆ්රිඩි වෙත පකිස්තාන ක්‍රීඩක වකාර් යුනිස් ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පිත්තක් ලබා දී ඇත.

එම පිත්තෙන් ශ්‍රී ලංකාවට එරෙහිව 6 පහර 11ක් සහ 4 පහර 6ක් සමඟින් පන්දු 37ක දී එවකට ලොව වේගවත්ම ශතකය වාර්තා කළේය. පසුව මෙම වාර්තාව කොරි ඇන්ඩසන් පන්දු 36කින් සහ ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 31කින් ශතකය සම්පූර්ණ කරමින් හිමි කර ගැනීමට සමත් වුනා.

2. ටෙස්ට් ක්‍රිකට් තරගයක පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කළ ප්‍රථම සහ එකම පිතිකරු ක්‍රිස් ගේල්.

වසර 137ක ක්‍රිකට් ඉතිහාසයේ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මීට පෙර ප්‍රථම පන්දුවටම හයේ පහරක් එල්ල කර නැත. එම දක්ෂතාවය දැක්වූ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ය. 2012 වසරේ බංග්ලාදේශ ක්‍රීඩක සොහාග් ගාසි වෙත ඔහු එම ප්‍රහාරය එල්ල කළා. තව ද එම තරගය ගාසිගේ ක්‍රිකට් දිවියේ ප්‍රථම තරගය වුනා.

3. ටෙස්ට් ක්‍රිකට් තරගයක් අතරතුර සිප ගැනීමකට ලක්වූ ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩකයා අබ්බාස් අලී බාග් ය


1960 වර්ෂයේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඕස්ට්‍රේලියාවේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක් අතරතුර මෙම රසවත් සිදුවීම් සිදු වුනා. අලි භාග් අර්ධ ශතකයක් රැස් කිරීමෙන් පසු එම සතුට දරා ගත නොහැකි වූ කාන්තාවක් පිටියේ උතුරු අන්තයේ සිට තණතිල්ල මැදට දිවවිත් ඔහුව සිප ගෙන තියෙනවා.

4. ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පිතිකරණ සාමාන්‍යයට වඩා හොඳ පිතිකරණ සාමාන්‍යයක් ඔහුගේ පාසල් වියේ මිතුරු ඉන්දීය ක්‍රීඩක විනෝද් කම්බ්ලිට ඇත.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 17කට සහභාගි වී ඇති විනෝද් එක පිට එක වාර්තා වූ ද්විත්ව ශතක දෙකක් ද සමඟින් 54.20ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගෙන ඇත. නමුත් ලොව සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් තරග 200කට සහභාගී වෙමින් රඳවා ගෙන ඇති සාමාන්‍යය 53.78ක්

5. ටෙස්ට් ක්‍රිකට් තරගයක ඉනිම් හතරම එකම දිනක දී නිමා විය.

ලෝක ප්‍රසිද්ධ ලෝඩ්ස් පිටියේ 2000 වැනි ටෙස්ට් තරගය ලෙස එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවති තරගයේ පළමු දිනයේ දී ම ඉනිම් හතරම ක්‍රියාත්මක වීම ක්‍රිකට් ඉතිහාසය සිදු වූ විශේෂ සිදුවීමක් ලෙස හැඳින්විය හැක.

6. ක්‍රිකට් ලොව පිතිකරුවෙකු විසින් පන්දුව ඇල්ලීම සහ ක්‍රීඩකයන්ට බාධා කිරීම නිසා දැවී ගිය අවස්ථාවක් වාර්තා වී ඇත.

ඉන්දීය ක්‍රීඩක මොහින්දර් අමරනාත් පන්දුව ඇල්ලීම සහ පන්දු රකින්නන්ට බාධා කිරීම යන වරද යටතේ ලොව දැවී ගිය එකම පිතිකරුවා ය.

7. 1986 පැවති ඕස්ට්‍රේලියා – ආසියා කුසලානය සහ 2004 ආසියානු කුසලාන තරග අතර අසාමාන්‍ය සමානතා කිහිපයක් දැකගත හැකිය. එය ක්‍රිකට් ලොව සිදු වූ සුවිශේෂී සිදුවීමකි.



8. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව තරගයේ දී සහ අවසන් තරගයේ දී ශතක වාර්තා කළ ලොව එකම ක්‍රීඩකයා මහේල ජයවර්ධන ය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu