gossiplanka alexa විශේෂ හැකියාවක් ඇති බව පෙන්වීමට ගිහින් අභිරහස් ලෙස මිය ගිය රෝගීන් ගණන 300 ඉක්මවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශේෂ හැකියාවක් ඇති බව පෙන්වීමට ගිහින් අභිරහස් ලෙස මිය ගිය රෝගීන් ගණන 300 ඉක්මවයි

"හීල්ස් හෝගල්"  ජර්මනියේ රෝහල් කිහිපයකම සේවය කරන සාත්තු සේවකයෙක්. ජර්මනියේ ඕල්ඩන්බර්ග් සහ ඩෙල්මන් හෝස්ට් නගරවල පිහිටි ප්‍රධාන පෙළේ රෝහල් දෙකක තමයි ඔහු අවසන් වරට සේවය කළේ. එම රඔහල්වල  ප්‍රතිකාර ලබමින් සිටි හෘදයාබාධ රෝගීන් හිටිහැටියේ මියයන්නට පටන් ගෙන තිබෙනවා. ඒ හීල්ස් සේවය කරමින් සිටිය දී. ඒ සෑම මරණයක්ම අභිරහස් මරණ බවට පත් වුණා. මේ පිළිබඳ සැක සිතූ රෝහල් බලධාරීන් වහාම පරීක්ෂණ කරන්න පටන් ගත්තා.

එහි දී තමයි අනාවරණය වුණේ හෘදයාබාධ රෝගීන්ට නියම නොකරන ලද ඖෂධයක් එන්නත් කිරීම නිසා ඔවුන් මියගොස් ඇති බව.

පරීකෂණ වැඩි දුරටත් සිදු කරන විට හෙළි වුණේ එන්නත් කිරීම සිදුකර ඇත්තේ සාත්තු සේවකයෙකු වූ හීල්ස් හෝගල් බවයි. හීල්ස් ගැන විමර්ශන ආරම්භ කිරීමට හේතු වුණේ රෝහලේ වෙනත් සාත්තු සේවකයෙකු  පාලනාධිකාරිය දුන් තොරතුරක්. එම සාත්තු සේවකයා කියා තිබුණේ හෘදයාබාධ රෝගින්ට මෙම එන්නත් විදීමෙන් අනතුරුව සාත්තු සේවක හීල්ස් වහා ඉදිරිපත්වී එම රෝගීයා බේරා ගැනීමට දරණ උත්සහය සැක සහිත බවයි.  එම  දැනුම් දීමත් සමඟ මේ පිළිබඳ විමර්ශන ආරම්භ වුණා. මේ ගැන විමසද්දි හීල්ස් රෝහල් බලධාරින්ට පවසා ඇත්තේ අසනීප වූ රෝගියෙකු යථා තත්ත්වයට පත් කිරීමට තමාට විශේෂ හැකියාවක් ඇති බව පෙන්වාදීම සඳහා තමා එම ක්‍රියාවේ නිරතවුණු බවයි.

එහෙත් සිදුවූයේ වෙනත් දෙයක්. ඔහුගේ ක්‍රියාව නිසා ඔහු සේවය කළ රෝහල් දෙකේම සිටි හෘදයාබාධ රෝගීන් විශාල සංඛ්‍යාවක් ඒ වන විටත් මියගොස් තිබුණා. ඒ අනුව රෝහල් බලධාරින් පොලීසියට කළ දැනුම්දීමත් සමඟ හීල්ස් පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඉන්පසු ඔහුට එරෙහිව නඩු පවරනු ලැබුවා.

63 හැවිරිදි රෝගියෙකුට Aජ්මල්ලිනෙ නම් ඖෂධය අවශ්‍ය ප්‍රමාණයට වඩා එන්නත් කිරීමේ චෝදනාව ඔහුට එල්ල වුණා. ඉන්පසු එම රෝහලේදී මියගිය හෘදයාබාධ රෝගීන්ගේ නෑ හිතවතුන්ද ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන ලෙස බලකිරීම නිසා හීල්ස්ට එරෙහිව කරන ලද පරීක්ෂණයේදී ඔහු කළ සෙසු ඝාතනද හෙළිවන්නට වුණා. ඒ අනුව මිය ගිය රෝගීන්ගේ සිරුරු ගොඩගෙන සිදුකළ පරීක්ෂණවලට අනුව ඔහුට එරෙහිව චෝදනා 100ක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් ඝාතන 14කින් ඔහුට නිදහස් වීමට හැකිවූ නමුත් ඝාතන 43ක් තමා විසින් සිදු කරනු ලැබූ බව ඔහු අධිකරණයේදී පිළිගත්තා. එසේම මරණ 52ක් පිළිබඳ තමාට මතකයක් නැති බවද ඔහු ප්‍රකාශ කළා.

හෝගල්ගේ අපරාධ රැල්ල මුලින්ම හෙළිවුයේ 2005 වසරේදීයි. ඒ රෝගීයෙකුට හදවතේ රිද්මය වෙනස් කළ හැකි ඖෂධයක් එන්නත් කිරීම නිසායි. පසුව පොලිස් අත්අඩංගුවට පත් ඔහුට විරුද්ධව නඩු පවරන ලද අතර ඔහු එම චෝදනාවට වැරදිකරු ලෙස තීරණය වීම නිසා වසර 7ක සිර දඬුවම් නියම වුණා. ඉන්පසුව රෝගීන් දෙදෙනෙකු මරා දැමීමත් තවත් දෙදෙනෙකු මරා දැමීමට උත්සහ කිරීමත් යන චෝදනාවලට දෙවැනි වරටද ඔහු ට නඩු විභාගයකට මුහුණ දෙන්න සිදු වුණා.

මේ නඩු විභාගවලින් හෝගල් සේවය කළ සෑම රෝහලකින්ම මේ අයුරින් මරණයට පත් වූ රෝගීන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ වූ අතර ඒ අනුව හෝගල් අතින් මරණයට පත්වූ ගණන 300 ඉක්ම යනු ඇතැයි පොලීසිය පෙන්වා දෙනවා. එහෙත් ඒ සියල්ල අධිකරණය හමුවේ ඔප්පුකිරීමට පොලීසියට හැකිවුණේ නැහැ. අවසානයේ ඕල්ඩන්බර්ග් අධිකරණයේදී පසුගියදා නිමාවූ මෙම නඩු විභාගයේදී හීල්ස් හෝගල් චෝදනා 85කට වැරදිකරු බවට අධිකරණය තීරණය කළා.

ජර්මනියේ පවතින නීතිය අනුව මෙවැනි අපරාධයකට දිය හැකි උපරිම දඬුවම දිවි ඇති තෙක් සිරගෙට නියම කිරීමයි. ඒ අනුව ඔහුට එම දඬුවම හිමිවුණා. දඬුවම් ලැබීමෙන් අනතුරුව උසාවි ශාලාවේ රැස්ව සිටි මියගිය අයගේ නැදෑ හිතමිතුරන් ඇමතූ හෝගල් පැවසුවේ, "මා විසින් සිදුකරන ලද සියලුම වැරදිවලට ඔබ සියලු දෙනාගෙන්ම මම හදවතින් සමාව ඉල්ලනවා.." යනුවෙනුයි.

දෙවැනි ලෝක යුද්ධයේදී විකෘති මනසක් සහිත වෛද්‍යවරු අසරණ යුදෙව්වන් දහස් ගණනක් වෛද්‍ය පරීක්ෂණවලට සහභාගි කරගන්නා මුවාවෙන් සිදුකළ ඝාතනවලට පසු මෑත ඉතිහාසයේ සිදුකළ එවන් දරුණුම මිනිස් ඝාතනයක් ලෙස මෙය සැලකෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu