gossiplanka alexa ඉන්දීය බුද්ධි අංශ ලිපි 03 ක් මගින් පොලිස් ප්‍රධානීන් දැනුවත් කරයි - ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අයි.එස් තර්ජනයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දීය බුද්ධි අංශ ලිපි 03 ක් මගින් පොලිස් ප්‍රධානීන් දැනුවත් කරයි - ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අයි.එස් තර්ජනයක

යි.එස්. ත්‍රස්තවාදීන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බව ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබෙනවා. ඉරාකයේ සහ සිරියාවේ බලය ක්‍රමයෙන් ගිලිහී යාමත් සමඟ මේ තත්ත්වය උදා වි ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉදිරියේදී අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවනවා. ඉන්දීය බුද්ධි අංශ ලිපි 03 ක් මගින් එරට පොලිස් ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කළේ. 

ඉන්දියාවේ - කොචි හි වෙළඳ සංකීර්ණයක් ඇතුළු ස්ථාන කිහිපයක ජිහාඩ් පන්නයේ ප්‍රහාර දියත් කිරීමට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සැලසුමක් ඇති බවත්, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් පසුගිය වසර කිහිපය තුළ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ එක්ව ඇති බව ත්  ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර, රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යූරි කොකෝව් ප්‍රකාශ කළේ සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන් පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කර ඇති බව යි. රුසියානු ආරක්ෂක මණ්ඩලයේ 10 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් ඔහු අවධාරණය කළේ ගෝලීය ජිහාඩ් මතවාද දරන පිරිස් මෙම ප්‍රහාරය සිදුකළ බවට තහවුරු වන බවයි. රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරයා පෙන්වා දී තිබෙන්නේ සිරියාවේදී සහ ඉරාකයේදී අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ වී අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි අන්තවාදී අදහස් දරන දේශීය රැඩිකල් කණ්ඩායමක සාමාජිකයින් මෙම පිපිරීම් සිදුකර ඇතැයි යනුවෙන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu