gossiplanka alexa "එක්කො මේ නායකයො හදනවා. බැරිනම් එලවලා අළුත් නායකයො හදනවා" - ඥානසාර හිමි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"එක්කො මේ නායකයො හදනවා. බැරිනම් එලවලා අළුත් නායකයො හදනවා" - ඥානසාර හිමි

බොදු බල සංවීධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසන්නේ ත්‍රස්තවාදයට සහ අන්තවාදයට මුහුණ දීම සඳහා ජාතික නායකත්වයක් අනුව කටයුතු කළ යුතු බව යි. ජාතියක් වශයෙන් තීරණය ගැනීම සඳහා ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ පෙන්වා දෙනවා. 

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩි දුරටත් දක්වා සිටියේ මෙවන් අදහසක්.

"ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය ජාතික න්‍යාය පත්‍රයක් උදෙසා අනිවාර්යයෙන්ම අධිෂ්ඨානශීලිව වැඩ කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ගොඩනැගිය හැකි පුළුල් ජාතික බලවේගය නිර්මාණය කරනවා.  ජුලි මස 7 දින සිට ඒ සඳහා අවශ්‍ය වැඩසටහන මහනුවරින් ආරම්භ කරනවා.  ඒ සඳහා ස්වාමීන් වහන්නේ දස දහසක් පමණ එකතුවනවා. 56න් පසු බිහිවන පුළුල් ජාතිකවාදී වැඩපිළිවෙල නැවත ගෙන එනවා. අවුරුදු 70ක් රට ආපස්සට ගෙන ගිය පාලකයන්ට මෙය තවදුරටත් හැසිරවීමට ඉඩ තබන්නේ නැහැ. 

එක්කෝ මේ නායකයෝ පුලුවන්නම් හදනවා. නැත්තම් එලවනවා.එලවලා නායකයෙක් හදනවා" 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu