gossiplanka alexa ජනපති, අගමැති, ඉල්ලා අස් වූ ඇමතිවරු, නැවත වැඩ භාරගත් ඇමතිවරු අතර මතභේදාත්මක ගැ‍ටුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනපති, අගමැති, ඉල්ලා අස් වූ ඇමතිවරු, නැවත වැඩ භාරගත් ඇමතිවරු අතර මතභේදාත්මක ගැ‍ටුම්

බීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් ඇමතිධූර වල නැවත දිව්රුම් දීම වැළැක්වීම සඳහා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්  ප්‍රබල උත්සාහයක් දරා ඇති බවට වාර්තා වනවා. මුස්ලීම් මන්ත්‍රීවරුන් රැස්වී කළ සාකච්ඡාවේදී කබිර් හෂීම් මහතා කළ ප්‍රකාශයකින් නැවතත් ඇමති තනතුර භාරගන්නා බවට ඉඟි පළ වූ නිසා හිටපු ඇමත් බදියුදීන්   පෙරේදා රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. 


කෙසේ හෝ කබීර් හෂීම්, අබ්දුල් හලීම් ඇමති ධුර බාර ගැනීම නතර කරන ලෙස ද හිටපු ඇමති බදියුදීන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර අගමැතිවරයාට ඊට මැදිහත් වන බව සඳහන් කර තිබෙනවා. අගමැතිවරයා හමුවෙන් පසු හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ඒ මොහොතේම ගොස් ජනාධිපතිවරයාද මුණගැසී තිබෙනවා. මේ සම්බන්ධයෙන් යමක් කිරීමට ඔහු සූදානම් වෙද්දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියලු දෙනාටම ගොස් ඇමතිකම් භාර ගන්නා ලෙසයි.

මේ අතර කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් නැවතත් ඇමතිවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම බලවත් විරෝධය පළ කර ඇති බව අද ජාතික පුවත්පත වාර්තා කරන්නේ. මෙම දිවුරුම් දීම සිදු කර ඇත්තේ තමාගේ අනුමැතියකින් තොරව බවත් ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවකින් තොරව ඇමතිවරුන්ට දිවුරුම් දීමට නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදී තිබෙනවා. අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ යේ දිනයේ සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින්. අගමැතිවරයා වැඩි දුරටත් කියා ඇත්තේ ප‍්‍රතිපත්තිමය කරුණක් මත මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ම ඉල්ලා අස් වූ බවත් තමන් දැනුවත් නොකර දෙදෙනෙකු පමණක් ඇමතිධුර දිවුරුම් දීම අනුමත කළ නොහැකි බවත් ය. 

මෙම දෙදෙනා ඇමතිධූර ද දිවුරුම් දීමත් සමග ඉල්ලා අස් වූ මුස්ලිම් දේශපාලඥයන් පිරිස දෙකඩ වී මතභේදාත්මක තත්ත්වයක් උදාවී ඇති බව ද සඳහන්. නැවත ඇමති ධුර බාර ගැනීම සඳහා වූ සාකච්ඡාවේ දී නොයෙකුත් මත ගැටුම් උත්සන්න වූ බව ද වාර්තා වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu