gossiplanka alexa මැනිං මාකට් සහ සියළුම කොළඹ ඇති තොග වෙළඳසල් අළුත් තැනකට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැනිං මාකට් සහ සියළුම කොළඹ ඇති තොග වෙළඳසල් අළුත් තැනකට

ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (19) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නම ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස සංශෝධනය කිරීම ද සිදු වුණා.

මෙම විවාදයට එක්වෙමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ කොළඹ තිබෙන සියලු තොග වෙළඳසැල් පෑලියගොඩ ප‍්‍රදේශයට රැගෙනයාමට සැලසුම් කර ඇති බවයි.


"ගංගා වැලි සැපයීමේ සීමාකාරී තත්ත්වයක් තිබෙන නිසා ඒ වැලි සැපයීමේ කටයුත්තට අපි අත ගහලා තියනවා. 2014 දි වැලි කි‍ටුබ් 33,000කට ආසන්න ප්‍රමාණයක් තමයි ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් මුහුදු වැලි හෝදලා භාර දුන්නේ. 2018 වන විය එය 255,000 දක්වා අපි වැඩි කරලා තියනවා. අපේ ඉලක්කය 2020 වනවිට පන්ලක්ෂය දක්වා මේ වැලි කියුබ් ප්‍රමාණය වැඩි කරන්න. 

ඊට අමතරව කොළඹ නගරයෙ තිබෙන මැනිං වෙළඳ සැල පෑලියගොඩට ගෙනයන්න අවශ්‍ය ගොඩනැඟිලි සංකීර්ණය අද ඉදිවෙමින් තියනවා. ලබන වසරේ සිට මැනිං වෙළඳසැල එතනට එනවා. ඊළඟ වසරවලදී අපි සැලසුම් කරලා තියනවා කොළඹ නගරයේ තියන සියළුම තොග වෙළඳාම් පෑලියගොඩ නගරයට ගේන්න" 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu