gossiplanka alexa සෞඛ්‍ය ඇමති රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසිවන ලකුණු ??

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය ඇමති රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසිවන ලකුණු ??

ත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද  (13)  ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත  සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග  ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ  ඇති බවයි. 

 මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් ම්න්ත්‍රීවරයා කියා සිටියේ,

"දෙකෝටි විසි එක් ලක්ෂයක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කරන්න සෞඛ්‍ය සම්පන්න ජනතාවක්  බිහිකරන්න බැඳී සිටින සෞඛ්‍ය අමාත්‍යංශය ඉතාමත්ම නොවැදගත් වැඩ පිළිවෙලක නිරතව තියෙනවා. මේ රටේ සෞඛ්‍ය බරපතළ  අනතුරක් බවට පත් වෙලා තියෙන්නේ. මේ  සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින්  දිගින් දිගටම ජනතාව හමුවේ මේ කරුණු කියලා තියෙනවා.

ඒ වගේම විශේෂයෙන්ම ඖෂධ වර්ගවල මිල සම්බන්ධව ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක කරන මේ කාලසීමාව තුළ මේ ඖෂධ මාෆියාවට සහයෝගය සහ උපදෙස් සපයන  ප්‍රධාන කෙනෙක් ලෙස සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා හඳුනාගෙන තියෙනවා.  ඔහු විසින් පත්කරන ලද ඇතැම් නිලධාරීන් විසින් ඉතාම වංචනික ආකාරයට  මුදල් ඉපයීමේ  බලාපොරොත්තුවෙන් කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.  ඒ වගේම නෙවිල් ප්‍රනාන්දු රෝහල   රාජ්‍ය  සතු කළා.    ජනසතු කළා කියන ව්‍යාජ  ප්‍රවෘත්තියක්  වන  රුපියල්  බිලියන පහක් ජනතා මුදල් අවභාවිතා කරලා තියෙන  සෞඛ්‍ය  අමාත්‍යවරයාගේ  මැදිහත්වීම යටතේ.  මෙන්න මේ වගේ මහා අපරාධයක් ජනතාවගේ ජීවිත  පිළිබඳව භයානක   ආකාරයේ ක්‍රියා කිරීම සම්බන්ධව රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය වහාම අහෝසි කළ යුතුයි.

  ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ මේ කරුණු අනාවරණයය වෙමින් තිබෙනවා.  මේ  පරීක්ෂණයෙන් පසු   අමාත්‍යවරයාගේ   ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි කියන  එක අපි යෝජනා කරනවා.  ඔහුට එරෙහිව  පාර්ලිමේන්තුව තුළත් ඉන්    පිටතත්  ගත  හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම  ගැනීමට තීරණය කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත්  පැවසීය. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu