gossiplanka alexa "මහත්තයො අවුරුදු 30කට පස්සෙ ආවට කමක්නෑ. අපේ ලොකු හාමුදුරුවන්ට කරපු අපරාධෙ මේ රටේ මහා සංඝරත්නයට කරන්න එපා" - මංගලට ප්‍රදේශ දෙකකදී සංඝරත්නයේ විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මහත්තයො අවුරුදු 30කට පස්සෙ ආවට කමක්නෑ. අපේ ලොකු හාමුදුරුවන්ට කරපු අපරාධෙ මේ රටේ මහා සංඝරත්නයට කරන්න එපා" - මංගලට ප්‍රදේශ දෙකකදී සංඝරත්නයේ විරෝධය

සුගිය 5 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව මාතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ කොට්ඨාශයේ විහාරස්ථාන තහනම් කිරීමට අදාළ විහාරස්ථානවල හිමිවරුන් තීරණය කළා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යවරයා පසුගියදා මාතර දිස්ත්‍රික්කයේ මහා මන්ථින්ද පිරිවෙන, වල්පොළ සිරිමංගල පිරිවෙන ඇතුළු විහාරස්ථාන කිහිපයක සංවර්ධන කටයුතු සොයා බැලූ අතර, ඊට විරෝධය පළකරමින් අද දිවයිනේ ප්‍රදේශ 2 ක පැවති වැඩසටහන්වලදී මහා සංඝරත්නය මෙලෙස අදහස් පළකළා.


පූජ්‍ය පරදුව ජිනරතන හිමි - ප්‍රධාන සංවිධායක (රුහුණු රට භික්ෂු පෙරමුණ)

"වර්තමානය ඉතාමත්ම කාලකණ්නි සමාජ වාතාවරණයක් තියෙන්නෙ. හේතුව  මේ ඉන්න සමහර දේශපාලකයින් විසින් භික්ෂුවකගෙ ආත්ම ගරුත්වය කොයි තරම් නම් විනාශ කරනවද? ධම්මකිත්ති නායක හාමුදුරුවන්ගෙ පන්සලට අවුරුදු 30ක්ට පස්සෙ මංගල සමරවීර යනවා. අටපිරිකරකුත් අරගෙන. මම හිටියනම් ඒ වෙලාවෙ කියන කතාව තමා මං මේ දැන් කියන්නේ. මහත්තයො අවුරුදු 30කට පස්සෙ ආවට කමක්නෑ. ඔබ අපේ ලොකුහාමුදුරුවන්ගෙ චරිතය සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඝාතනය කළා. නායක හාමුදුරුවන්ට පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයට පත් කළා. ඒ නිසා ඔබතුමා ඇමතිවරයෙක් විදියට ආවට කමක් නෑ. අපේ ලොකු හාමුදුරුවන්ට කරපු අපරාධෙ මේ රටේ මහා සංඝරත්නයට කරන්න එපා කියල කියන්න කොන්දක් තිබ්බෙ නෑ ඒ පන්සලේ ලොකු හාමුදුරුවන්ට. එහෙම කොන්දක් තිබුණනම් අපිට ලැජ්ජාවකුත් නෑ. දැන් අපිට හරි ලැජ්ජයි. සංඝයා වහන්සේලා එකතුවෙලා ගත්තු තීන්දුවකට පිටින් ගියපු මිලට මුදලට මැති ඇමතිවරුන්ගෙ පස්සෙ යන අයට අපි කියන්නෙ ඔබතුමා හඳුන්වන විදියට මෝඩ වහන්සේලා කියලා"

පූජ්‍ය කැකුණාවල වනරතන හිමි - නියෝජ්‍ය කෘත්‍යාධිකාරි (පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන)

මේ කියන ඇමතිවරයා මාතර ප්‍රදේශයෙම විහාරස්ථානයකට යනවා. අට පිරිකරක් පූජා කරනවා. මහා සංඝරත්නයෙන් අහනවා මම ඔබ වහන්සේලා ළඟ සැබෑ සමඟියක් තියෙනවද කියලා"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu