gossiplanka alexa රතන හිමියන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් තීරණයක් ගනු ඇති බවට අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රතන හිමියන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් තීරණයක් ගනු ඇති බවට අනාවරණයක්

මාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙන්ම ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉවත් කිරීම යන ප්‍රමුඛ ඉල්ලීම් තුන මුල් කරගනිමින් අතුරලියේ රතන හිමියන් නිරතවන උපවාසය 4 දිනටත් පැමිණ තිබෙනවා.


එමෙන්ම සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි ඇතුළු ඊට සම්බන්ධ වෛද්‍යවරුන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳ පරීක්ෂා කිරීමට ස්වාධීන මණ්ඩලයක් පත් කරන ලෙස ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉල්ලා සිටිනවා. 

 මෙම සියලූ ඉල්ලීම් සම්පූර්ණ වනතෙක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසය අත්නොහරිනු ඇති බවයි ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පූජ්‍ය දෙනගම ධම්මාරාම හිමියන් පවසා සිටින්නේ. 

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහය දක්වමින් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව විරෝධතාවල නිරත වන බවත් ඇතැම් ප‍්‍රදේශවල කඩසාප්පු ද වසා දැමීමටයි වෙළඳුන් පියවර ගෙන තිබෙණ බවත් වාර්තා වනවා. 

දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට සහය දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. වියාලේන්ද්‍රන් ද මඩකලපුවේදී ආරම්භ කළ උපවාසය තවදුරටත් සිදුවනවා. ඊට සහය පළ කිරීම සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් කිහිපදෙනෙකු ද ඊයේ එක්වුණා. 

රත්තොට නගරයේදී සර්ව ආගමික පූජකවරුන් ද රතන හිමිට සහය පළකළ අතර කලූතර සහ අලූත්ගම යන ප‍්‍රදේශවල ද සත්‍යග‍්‍රහ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මහනුවර ගලහ ප‍්‍රදේශයේදී සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සාමාජිකයින් දෙදෙනෙකු ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළ කරමින් ඊයේ උපවාසයක් ආරම්භ කළා. 

උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කඩිනම් තීරණයක් ගනු ඇති බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu