gossiplanka alexa වෛද්‍ය සාෆිව නිසි පරීක්ෂණයකින් තොරව ආරක්ෂා කිරීමට කටයුතු කළොත් ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගයක්, කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛද්‍ය සාෆිව නිසි පරීක්ෂණයකින් තොරව ආරක්ෂා කිරීමට කටයුතු කළොත් ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගයක්, කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන ලකුණු

ප්‍රසව හා නාරි වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුව තවදුරටත් පවත්වාගෙන යාමට උත්සාහ කළහොත් ඉදිරි දින කිහිපය තුළ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට
කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය අනතුරු අඟවනවා. කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්  අවධාරණය කළේ තමන් ප්‍රතික්ෂේප කර ඇති අදාළ විමර්ශන කමිටුව පිළිගන්නා ලෙසට අමාත්‍යාංශ ලේකම්වරිය බලපෑම් සිදුකරන බවයි.

වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් සම්බන්ධයෙන් විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ සය පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙත ඊයේ (31) භාරදෙන බව වාර්තා වුවද එය සිදුවූයේ නැහැ. මේ අතර, වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඊයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.  වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන්ට විරෝධය පළකරමින් දඹුල්ල නගරයේදී ඊයේ විරෝධතාවක් පැවැත්වුණේ නගරයේ කඩ සාප්පුද වසා දමමින්.

මේ අතර, පොලිස් අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් නිසි පරීක්ෂණයකින් තොරව ආරක්ෂා කිරීමට කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඉදිරියේදී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu