gossiplanka alexa මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමේ තීරණය ගැන සැක සහිත බවක්, රට හමුවේ අළුත් ප්‍රශ්නයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමේ තීරණය ගැන සැක සහිත බවක්, රට හමුවේ අළුත් ප්‍රශ්නයක්

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන රජයේ සියලූ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූර වලින් ඉල්ලා අස්වන බවයි. මෙසේ ඉල්ලා අස්වීමට හේතු වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමයි. 

රජයේ සියලූ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය රට හමුවේ නැවත වරක් අලුත් ප‍්‍රශ්න ඇති කරන බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙන්නේ. එහි විධායක සභාපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දෙන්නේ "ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.. එකක් තමයි ඔවුන් සමස්ථයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ සියයට සියයක් මුස්ලිම් ඡන්ද වලින්ද?... ඔවුන් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව විතරමද?.  ඒ තුළ ජාතිවාදය නැද්ද?.  අනෙක් කරුණ චරිත 03ක් වෙනුවෙන් සමස්ථයම ඉල්ලා අස්වීම තුළින් චෝදනා ලබපු පුද්ගලයින් ආරක්ෂා කරනවාද?."යනුවෙන්. 

එම නිසා මෙම  ප‍්‍රකාශය ද වඩාත් සැක සහිත බවයි  'අපි ජාතික බලවේගය' පෙන්වා දෙන්නේ. රට හමුවේ ඇති මෙම ප‍්‍රශ්නවලට ඉල්ලා අස් වූ සියලූ දෙනා ද ආණ්ඩුව ද පිළිතුරු ලබාදිය යුතු බවයි පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරත්න හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu