gossiplanka alexa පොහොට්‍ටුවේ නව ජනාධිපති අපේක්ෂකයා සමඟ ඉරිදා සිට සිකුරාදා දක්වා රට වටේ චාරිකාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්‍ටුවේ නව ජනාධිපති අපේක්ෂකයා සමඟ ඉරිදා සිට සිකුරාදා දක්වා රට වටේ චාරිකාවක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්‍ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ  සඳහන් කර ඇත්තේ එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා  පක්ෂ සම්මේලනය පවත්වන බව යි.

අද උදෑසන පැවති ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අමතමින් බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පවසා තිබෙනවා.

එම සම්මේලනයේදී පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බවද ඉන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. 

ඊට පසු දින සියලුදෙනාම අනුරාධපුරයට ගොස් ජයශ‍්‍රී මහා බෝධිය වැඳපුදාගෙන ඉන් පසු දළදා මාළිගාවටත් පසුදින කතරගම සහ කිරි වෙහෙර වැදපුදා ගැනීමට නියමිත බවත් රාජපක්‍ෂ මහතා හෙලි කර තිබෙනවා. පසුව  කොළඹට පැමිණ අගරදගුරු කාදිනල් හිමියන් බැහැදැකීමටයි සැලසුම් කර ඇත්තේ. 

තව ද  නව ජනාධිපති අපේක්‍ෂකයා සමඟින් ඉරිදා දිනයේ සිට සිකුරාදා දක්වා රට වටේ චාරිකාවක් පක්ෂය විසින් සංවිධානය කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu