gossiplanka alexa "දු‍ටුගැමුණු රජ්ජුරුවන්ටත් ඇවිත් අපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද ගම්මාන දියුණු කරන්නෙ කියලා" - අගමැති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"දු‍ටුගැමුණු රජ්ජුරුවන්ටත් ඇවිත් අපෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද ගම්මාන දියුණු කරන්නෙ කියලා" - අගමැති

මොණරාගල, කැප්පෙටිපොල මාවත විවෘත කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ අයිරෝඩ් ව්‍යාපෘතියේ සංකේතවත් නාම පුවරුව විවෘත කිරීම, හුලංදාව වටරවුම සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තැබීම, මොණරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීම, ඉඩම් හිමිකම් ඔප්පු, ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් ගණනාවක්  අද (22) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහි දී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ මෙවන් දෙයක්.


"2015 සිට අපේ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ දැන් ජනතාවට ලැබෙමින් පවතිනවා. මේ රට සංවර්ධනය කිරීම සඳහා මේ වන විට පුළුල් වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.

සංචාරක හා කර්මාන්ත කලාප ආරම්භ කරමින් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා අප පියවර ගෙන තිබෙනවා. මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක කර්මාන්ත කලාප ඉදිකිරීම සඳහා අක්කර 13,000 ක් – 14,000 ක් පමණ වෙන් කර තිබෙනවා. 

ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් ද විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. එදා කටුනායක, බියගම, සීතාවක, කොග්ගල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන කර්මාන්ත කලාප ඇති කළා. 

අපේ මීළඟ පියවර වන්නේ බියගම කර්මාන්ත කලාපය වැනි කර්මාන්ත කලාප 50 ක් ඉදිකිරීමයි.

කර්මාන්ත කලාප ඉදිකර රට දියුණුව කරා ගෙන යෑමට නම් ඒ සඳහා විදේශ ආයෝජකයන්ට අවස්ථාව දිය යුතුයි. ඔවුන්ට අවශ්‍ය බදු සහන අප ලබාදී තිබෙනවා. 

කුමන ආකාරයේ සහන ලබාදී තිබුණත් පුද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමට හැකියාව තිබීම සම්බන්ධව ආයෝජකයින් බියට පත්ව සිටියා. 

ඒ ගැන ඔවුන් අපෙන් කරුණු විමසුවා. ලොව වෙනත් රටවල මේ ආකාරයට ව්‍යාපාර අත්පත් කර නොගන්නා බව ඔවුන් පෙන්වා දුන්නා.

ආයෝජකයන්ට ප්‍රධානතම බාධකයක්ව පැවැති "ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත" පසුගිය සතියේ ඉවත් කර ශ්‍රී ලාංකික හා විදේශීය ආයෝජකයින්ගේ බිය නැති කර ඔවුන්ට ආයෝජනය කිරීමේ අවස්ථාව උදා කළා."

" අපිට එදා බැන්නා. දැන් දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ඇවිල්ලා අපෙන් ඉගෙනගන්න පුළුවන් කොහොමද ගම්මාන, ප්‍රදේශ දියුණු කරන්නේ කියලා." 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu