gossiplanka alexa "මුස්ලිම් අපගේ එකමුතුකම තුළ අයිතීන් දිනා ගැනීම සහ යළිත් රටතුළ හිස ඔසවා ජීවත් වීම රඳා පවතිනවා" - එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මුස්ලිම් අපගේ එකමුතුකම තුළ අයිතීන් දිනා ගැනීම සහ යළිත් රටතුළ හිස ඔසවා ජීවත් වීම රඳා පවතිනවා" - එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා

මුස්ලිම් ජනතාව පහසුවෙන් බිය ගන්වා තැබිය හැකි යැයි කිසිවෙකුත් නොසිතිය යුතු බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා. රටේ පවතින තත්ත්වය හමුවේ මුස්ලිම් ජනතාව තවදුරටත් නිවෙස් වල බිය ගැන්වී නොසිට හිස ඔසවා නැගී සිටිය යුතු බවයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසන්නේ.  ඔහු පවසන්නේ මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාව තුළ සුළු ජාතියක් වුවද ලෝකය තුළ මහා ජාතියක් බවයි. 


එකමුතුව රැදී සිටීම මත මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව, අයිතීන් දිනා ගැනීම සහ යළිත් රටතුළ හිස ඔසවා ජීවත් වීම වැනි කරුණු රඳා පවතින බවද  ඔවුන්ගේ ශක්තිය ඇත්තේ එකමුතුකම තුළ බව ද ඔහු අවධාරණය කර සිටිනවා.  ඉකුත් දා මුස්ලිම් මන්ත්‍රීවරු සිය අමාත්‍යධූර පරිත්‍යාග කළේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙම අදහස් පළකර ඇත්තේ කාත්තන්කුඩි නගරයේ ඉස්ලාම් දේවස්ථානයකදීයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu