gossiplanka alexa 10 වැනිදා සිදුවන ඉන්ධන මිල සංශෝධනය අදත්, වැඩි අගයකින් මිල අඩු කල හැකි බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

10 වැනිදා සිදුවන ඉන්ධන මිල සංශෝධනය අදත්, වැඩි අගයකින් මිල අඩු කල හැකි බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි

න්ධන මිල සූත‍්‍රයට අනුවයි. සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද දිනයේත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද (10) පස්වරුවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ  ප‍්‍රකාශ කළේ බොහෝ දුරට අද පස්වරුවේ ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි. ඉන්ධන මිල සූත‍්‍රයේදී මෙරට ඉන්ධන මිල තීරණය කරනු ලබන්නේ ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබද සැලකිල්ලට ගනිමින්. 

ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ගණන් පිළිබඳ සොයා බලීමේ දී  තහවුරු වුණේ අමෙරිකානු වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඉකුත් මාසයට සාපේක්‍ෂව මේ වනවිට අඩු වී ඇති බවයි. ඉකුත් මැයි මස 10 වැනිදා අමෙරිකානු ඩොලර් 61.66 ක් වූ බොරතෙල් බැරලයක මිල අද වනවිට සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 54.29 ක් ලෙසයි. බි‍්‍රතාන්‍ය වෙළද පොළේද බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලර් 70.62 ක් වූ බොරතෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 63.62 ක් දක්වා පහත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ ලෝක වෙළද පොළේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවත් ගතවූ මාසයක කාලයේදි අමෙරිකානු ඩොලරයේ අගයද ස්ථාවරව පැවති බවත්ය.  එබැවින් අද සිදු කරන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල ගණන් වැඩි අගයකින් අඩු කිරීමට හැකියාව ඇති බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දෙන්නේ. 

ඉකුත් මස 10 වැනිදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදි මෙරට වෙළද පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමටයි පියවර ගැණුනේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu