gossiplanka alexa ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් 4ට 7ක් අතර උණුසුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් 4ට 7ක් අතර උණුසුමක්

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ මේ වනවිට අවසන් කණ්ඩායම් 04 අතරට තේරී පත්වීමට කණ්ඩායම් 07ක් අතර උණුසුම් තරගයක් හට ගෙන තිබෙනවා. ඒ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී එංලන්තය පරදා ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණයත් සමඟ.
  
ප‍්‍රසාද ලකුණු 11ක් ලබා සිටින නවසීලන්තය ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලබා සිටින අතර ඔවුන් තරඟ 06කට මුහුණ දී තිබෙනවා. තරඟ 06කදී ඕස්ටේ‍්‍රලියාව ලකුණු 10 ක් සමග  දෙවන ස්ථානයේ පසුවන අතර තරඟ 05කදී ප‍්‍රසාද ලකුණු 9ක් සමග ඉන්දියාව 03වන ස්ථානයේ පසුවනවා.

මෙම කණ්ඩායම් 03 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් ඇති නමුත් ඔවුන් සියලූ දෙනාට එකිනෙකා සමග තරග වැදීමට සිදුව තිබීම විශේෂත්වයක්. එංගලන්තය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය ඉදිරි තරඟ තුනේදී ලබන ප‍්‍රතිපල මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කෙරෙනු ඇති. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu