gossiplanka alexa ඉල්ලා අස්වූ ඇමතිවරුන් දෙදෙනෙක් එම අමාත්‍යධූරවලම අද දිවුරුම් දෙති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉල්ලා අස්වූ ඇමතිවරුන් දෙදෙනෙක් එම අමාත්‍යධූරවලම අද දිවුරුම් දෙති

ද (19) මීට ධුර අත්හැරි මුස්ලිම් මන්ත‍්‍රීවරුන් අතරින් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පෙර දැරූ අමාත්‍ය ධුරවලම දිවුරුම් දෙනු ලැබූවා. ජනාධිපතිතිමා ඉදිරියේ අද ඔවුන් දිවුරුම් දුන් බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව කබීර් හෂීම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. අබ්දුල් හලීම් යළි දිවුරුම් දී ඇත්තේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. 

ඔවුන් දෙදෙනාට අමතරව රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් යන හිටපු අමාත්‍යවරුන් මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද ඉකුත්දා සිය ධුරවලින් ඉවත් වුණා. පසුව කබීර් හෂීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ ඉකුත්දා දිවුරුම් දුන්නා. එහෙත් අබ්දුල් හලීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යංශයට කිසිදු වැඩබලන අමාත්‍යවරයෙකු පත් කළේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu