gossiplanka alexa ශ්‍රී ලංකාව අර්ධ අවසන් වටයට? සුදුසුකම් සපුරාගන්නේ මෙහෙමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව අර්ධ අවසන් වටයට? සුදුසුකම් සපුරාගන්නේ මෙහෙමයි

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ එන්න එන්නම උණුසුම් වෙමින් පවතිනවා. නොසිතූ මොහොතක ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ පැවති තරඟයෙන් ජය ගැනීම මේ උණුසුම තවත් වැඩි කලා. 

මෙවර තරඟාවලියේ දී සියලුම කණ්ඩායම් සියළුම ප්‍රතිවාදීන් සමඟ තරඟ වදින ආකාරයෙන් මුල් වටය පවත්වනු ලබන අතර එයින් ‍තෝරා ගත් කණ්ඩායම් 4ක් ජූලි 9 සහ ජූලි 11 පවත්වන අර්ධ අවසන් තරඟ දෙකට සුදුසුකම් ලබනවා.

දැනට ලකුණු සටහන අනුව ඕස්ට්‍රෙලියාව හා නවසීලන්තය පෙරමුණේ සිටිනවා. එම රටවල් දෙක පසුබාවියැයි සිතිය නොහැකියි. 

ලකුණු සටහනේ 3 සහ 4 වන ස්ථාන ලබා සිටින්නේ එංගලන්තය හා ඉන්දියාවයි. එංගලන්තය හෝ ඉන්දියාව පසුබාන්නේ නම් ඒ තැනකට රිංගා ගැනීමට ශ්‍රී ලංකාවට උත්සාහ කළ හැකි බවයි  ඊයේ (21) ජයග්‍රහණය සමග ක්‍රිකට් ලෝලීන්ට ඇති වී තිබෙන බලාපොරොත්තුව. 

එංගලන්තයට, ඕස්ට්‍රෙලියාව ඉන්දියාව හා නවසීලන්තය සමඟින් තවත් තරඟ තුනක් ක්‍රීඩා කිරීමට ඇති අතර දැනට හොදම ක්‍රීඩා විලාසයන් පෙන්නුම් කර තිබෙන එම රටවල් හමුවේ එංගලන්තයට එල්ල විය හැක්කේ තියුණු අභියෝගයක්. එංගලන්තය එයින් එකක් හෝ දෙකක් ජය ලැබූව ද ලංකාවට අර්ධ අවසන් වටයට අවස්ථාවක් සඳහා වාසිදායි පරිසරයක් නිර්මාණය වනවා. 

එසේම, බටහිර කොදෙව්, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව සමගින් තමයි ශ්‍රී ලංකාවට මීළඟ තරග තුන යෙදී ඇත්තේ . ඊයේ තරඟය හා සමානව තරඟ කළහොත් කොදෙව් තරගය හා අප්‍රිකානු තරගය ජයගන්නට නොහැකි වන්නේ නැත. නමුත් මෙහිදී ඉන්දියාව සමග තරගය නම් තරමක් අපහසු විය හැකියි. 

එංගලන්තයේ පසුබෑමක් සිදුවේ නම් එය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයටද වාසියක් වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. ඉදිරියේ දී බංගලාදේශයට ඉන්දියානු, පකිස්තාන තරග ජයගැනීමේ අභියෝගයක්ද පවතින අතර මෙවර පෙරළිකාරයා වන්නේ බංග්ලාදේශයද ශ්‍රී ලංකාවද යන්න ඉදිරි තරග අනුව තීරණය වනවා නිසැකය.

අර්ධ අවසන් 4 දෙනා කවුද?
ජූලි 14 වනදා පවත්වන අවසන් තරඟයට එන්නේ කවුරුද?
ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් !!!



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu