gossiplanka alexa මීගමුව ප්‍රදේශයේ කටකතාවක් පැතිරීම නිසා පාසැල් වල උණුසුම් තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීගමුව ප්‍රදේශයේ කටකතාවක් පැතිරීම නිසා පාසැල් වල උණුසුම් තත්ත්වයක්

මීගමුව ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැතිර ගිය රාවයක් හේතුවෙන් මව්පියන් කලබල වී පාසල්වල දරුවන් යළි නිවෙස් වෙත රැගෙන යාමට උත්සහ දැරූ බව වාර්තා වනවා.

මව්පියන් පාසල් ආශ‍්‍රිත ප‍්‍රදේශයට පැමිණ කලබලකාරී ලෙස හැසිරුණු බවද වාර්තා වුණා. 


කටකතාවක් හේතුවෙන් මව්පියන් බියට පත්වීමත් සමඟ මීගමුව ප‍්‍රදේශයේ පාසල් ආශ‍්‍රිතව ඇති වී තිබෙන තත්වය සොයා බලා වාර්තා කිරීම සඳහා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු පිටත් කර යවා තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ‍්‍රීලාල් නෝනිස් විසින්. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී  බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ‍්‍රීලාල් නෝනිස් පැවසුවේ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ හෝ වෙනත් පාර්ශවයක් විසින් දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. ඒ අනුව පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ප‍්‍රකාශ කළා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu