gossiplanka alexa සියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එක දිගට පැමිණිලි, මව්වරුන්ට සරල වෛද්‍ය පරීක්ෂණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එක දිගට පැමිණිලි, මව්වරුන්ට සරල වෛද්‍ය පරීක්ෂණයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.
සිසේරියන් සැත්කම් අතරවාරයේදී මෙම වෛද්‍යවරයා කාන්තාවන්ගේ පැලෝපීය නාල අවහිර කර වන්ද්‍යකරණයක් ද සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

ඊයේ දිනය වනවිට වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පැමිණිලි 51 ලැබී තිබුණා. කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව පැමිණිලි කිරිම සදහා අද පෙරවරුවේත්  මව්වරුන් 20කට අධික සංඛ්‍යාවක් එම රෝහල වෙත පැමිණ තිබෙනවා.

ලැබෙන පැමිණිලි සටහන් කර ගැනීම සදහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන්, පරිපාලන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක්ද අනියුක්ත කර තිබෙනවා. මේ අතර අද දිනයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව දඹුල්ල මූලික රෝහලට සහ දඹුල්ල පොලීසියට ද පැමිණිලි ලැබී තිබුණා. 

සිසේරියන් සැත්කමකින් පසු කාන්තාවක් වන්ද්‍යකරණයකට ලක්ව ඇත්දැයි ඉතා සරල වෛද්‍ය පරීක්ෂණයක් මගින් පහසුවෙන් තහවුරු කර ගත හැකි බව ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ගැබ් ගැනීමට වෙනත් ආකාරයකින් පවතින බාධා ද මෙවැනි වෛද්‍ය පරීක්ෂණ මගින් හඳුනාගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu