gossiplanka alexa රාජ්‍ය සේවක වැ‍ටුප් ඉහළට..චක්‍රලේඛය නිකුත් වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය සේවක වැ‍ටුප් ඉහළට..චක්‍රලේඛය නිකුත් වේ

රාජ්‍ය සේවකයන්ට මාසික දීමනාවක් ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසා සිටිනවා.


ඒ රු. 2500/- ක මුදලක්. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මඟින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවීමට නියමිත බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරනවා.

 ජූලි 01 සිට මෙම දීමනාව ගෙවනු ලැබූවද රාජ්‍ය සේවකයන් හට මාසිකව ගෙවනු ලබන රු.7800/- ජීවන වියදම් දීමනා ගෙවීමද තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu