gossiplanka alexa පාසැල් දරුවන් දිරිමත් කරන්න මහින්ද පාසැල් 8කට ගිහින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් දරුවන් දිරිමත් කරන්න මහින්ද පාසැල් 8කට ගිහින්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මැදිහත් වෙමින් ඊයේ (21) පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි පාසල්වලට ගොස් පාසල් ළමයින්, මව්පියන්, ගුරුවරුන්, විදුහලප්තිවරුන් හා ආරක්ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.

ඒ අනුව විපක්ෂ නායකවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, බන්දුල ගුණවර්ධන සහ විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් රාජකීය, තර්ස්ටන්, විශාඛා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද සහ ගෝතමී යන කොළඹ පිහිටි පාසල්වලට ගොස් එම පාසල්වල සහ පාසල් අවට ආරක්ෂක තත්වය පිළිබඳව සොයා බැලුවේය.

මේ අතර තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසවල පිහිටි පාසල්වලට ගොස් ඊයේ (21) දිනයේදී ආරක්ෂක තත්වයන් සොයා බලා පාසල්වලට ළමයින් පැමිණීම සඳහා දිරිගැන්වීමට කටයුතු කරන ලෙස විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන නියෝජිතයින්ට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබිණි.










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu