gossiplanka alexa “අද ඉස්කෝලෙට ගහනවා පුළුවන් නම් බේරා ගනින්” විදුහල්පතිට කෙටි පණිවිඩයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

“අද ඉස්කෝලෙට ගහනවා පුළුවන් නම් බේරා ගනින්” විදුහල්පතිට කෙටි පණිවිඩයක්


දෙවන වාරයේ පාසැල් ආරම්භ වු ඉකුත් 13 දා පාසැල් වලට කිසියම් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ප්‍රචාරයක් සමාජය තුළ  පැවතිම නිසා  සියළු දෙනාම පසු වූයේ භීතියකින්.
පාසැල් දරුවන්ගේ  පැමිණීම ඉතා දුර්වල මට්ටමක ඒ දිනවල පැවතියද මේ සතියේ සිට දරුවන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පැවතුණා. 

මෙවන් වාතාවරණයක් පවතින විට ඊයේ (23) මොණරාගල සෙවනගල සෝමාදේවි ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයට තර්ජනාත්මක පණිවිඩයක් ලැබී තිබුණා. “අද හත්පෝරුව සෝමාවති මහ විද්‍යාලයට ගහනවා පුළුවන් නම් බේරා ගනින්”  යනුවෙන් එම පණිවිඩය සටහන් වී තිබුණා.

මෙම තර්ජනාත්මක පණිවිඩය හේතුවෙන් බියට පත් විදුහලේ විදුහල්පතිවරයා හා ගුරු පිරිස මේ  පිළිබඳව සෙවනගල පොලීසියට පැමිණිලිකර අධ්‍යාපන බලධාරින්ද දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් මත එදින මෙම පාසැල වසා දැමිමටද කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලීසිය අදාළ කෙටි පණිවිඩය එවූ කාන්තාව අත් අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සෙවනගල මහගම ජනපදයේ පදිංචිකාරිණියක් බව අනාවරණය වි තිබෙනවා.

සැකකාර කාන්තාව අද (24) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුණි. සෙවනගල පොලීසිය මේ  පිළිබඳව වැඩිදුර විමර්ශන  කටයුතු සිදු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu