gossiplanka alexa ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දෙස හැරී බැලීම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දෙස හැරී බැලීම

ලංකා ක්‍රිකට් කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ලේ වල දුවන දෙයක් වෙලා. එක දිගට ලැබුණු පරාජයන් සහ පාලනයේ ඇති දුර්වලතා නිසාම ජනතාවට ක්‍රිකට් එපා වෙලා තිබුණත් දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ ටෙස්ට් තරඟවාලියේ ජයග්‍රහණයත් එක්කම ආයෙමත් අපේ කට්ටිය ක්‍රිකට් ගැන කතා කරන්න පටන් අරන්.

ආපේ රටට මේ ක්‍රිකට් උණුසුම ආවේ 1996 ලෝක කුසලානෙ ජයග්‍රහනයෙන් පස්සෙ. ඊට පස්සේ ලංකා කණ්ඩායම 2014 දි T20 ලෝක ශූරතාව දිනා ගත්තා. ඒ වගේම තමයි 2007,2011 දි ලෝක අනුශූරයන් සහ 2009,2012 T20 අනුශූරයන් බවට පත්වෙන්නත් අපට හැකිවුණා.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව මේදක්වා විකාශනය වූ ආකාරය විමසීම ආශ්වාදය ගෙන දෙන්නක්. එක්දහස් අටසිය ගණන් වලදී මෙරට පාලනය කල ඉංග්‍රීසි ජාතිකයින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු බවට සාක්ෂි තිබෙනවා. 1932 දී කොළඹ ක්‍රිකට් සමාජය (ICC) ආරම්භ කල බව කලම්බු ජ'ර්නල් පුවත්පතේ සඳහන්ව තිබෙන අතර එහි පළමු තරඟය පවත්වා ඇත්තේ 1833 දීය. ඒ 97 වැනි රෙජිමේන්තුවට එරෙහිවය.

1882 දී අයිවෝ බ්ලයි ගේ නායකත්වයෙන් යුතු  (ivo francis bligh ඩර්න්ලි හි අටවැනි අල්ර් වරාය) එංගලන්ත පිලක් කොළඹදී ක්‍රිකට් තරඟයට සහභාගී වී තිබෙනවා. 88/89 දී Georg Vernon  ගේ නායකත්වයෙන් පැමිණි එංගලන්ත පිළ මහනුවරදී 1890 දී තරඟ වැදී තිබෙනවා. එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව සිය අළු බඳුන් තරඟාවලිය ට යන අවස්ථාවල නවාතැන්පොලක් ලෙස ශ්‍රීලංකාවේ නැවතී තරඟ වලට සහභාගී වී තිබෙනවා. 1932 දී Douglas Jardine නායකත්වය දැරූ මතභේදයට තුඩු දුන් බොඩිලයින් පන්දු යැවූ එංගලන්ත කණ්ඩායමද මෙරටට පැමිණ තරඟ වලට සහභාගී වී තිබෙනවා. අප රටේ පළමු පෙළ ක්‍රිකට් තරඟ ආරම්භ වී ඇත්තේ ඒ ආකාරයෙන්.

1953/54 පටන් මදුරාසි පිල සමග ලාංකික පිල තරඟ වැදුනේ  Ceylon Cricket Association නමින්. පසුව මදුරාසි පිළ තමිල්නාඩු යනුවෙන්ද, ලාංකීය පිළ  All Ceylon යනුවෙන්ද හැඳින්වුණා. 1953/54 ක්‍රීඩා වාරයේ පටන් 1975/76 දක්වා එම තරඟය ගෝපාලන් කුසලාන තරඟය ලෙස හඳුන්වන ලැබුවා.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිලක් සහභාගී වූ පළමු අන්තර්ජාතික තරඟාවලිය වන්නේ 1975 ලෝක කුසලාන තරඟාවලියයි.1981දී ICCහි පුර්ණ සාමාජිකත්වය ලබාගත් ශ්‍රීලංකාව 1982දී පළමු ටෙස්ට් තරඟයට සහභාගී වුනා. එම තරඟය පී සරවනමුත්තු පිටියේදී එංගලන්තයට එරෙහිව පවත්වනු ලැබුවා.

1996 දී අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ ලෝක කුසලානය දිනා ගැනීමත් සමග අපේ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් පරිණත තත්වයට පත් වුණා.

මේ වන විට ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අති දැවැන්තම ඉනිම ක්‍රීඩා කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ ඉන්දියාව සමඟයි. ( 952/6 -1997 ) වැඩිම ටෙස්ට් විකට් ලබාගෙන ඇත්තේ ද අපේ මුත්තයියා මුරලිදරන් ය. මහේල, සංගක්කාර, ජයසුරිය, අරවින්ද වැනි වාර්තාගත ලකුණු ලැබූ පිතිකරුවන් ද අපේ ලංකාවේ බිහි වූ සුපිරි ක්‍රීඩකයින්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu