gossiplanka alexa පොලිස් පහර දීමකින් පුද්ගලයකු මියයාම හේතුවෙන් තංගල්ල කටුවන කලබලයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිස් පහර දීමකින් පුද්ගලයකු මියයාම හේතුවෙන් තංගල්ල කටුවන කලබලයක්

යේ රාත්‍රියේ කටුවන පොලිස් ස්ථානය වටලා ගම්වාසීන් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් කලබලයක් හට ගත් අතර මෙලෙස ගම්වාසීන් කලබල කර ඇත්තේ පොලිස් පහරදීමකින් නිරපරාදේ පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධියක් මුල් කරගෙනයි.
මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකි. කටුවන ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලීම සදහා ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

විරෝධතාව දක්වන ගම්වාසීන්ගේ අදහස වී තිබෙන්නේ නීතියට අනුව ඔහුට දඬුවම් නොකොර පොලිසිය නීතිය අතට ගෙන මෙම පුද්ගලයාව මරාදමා ඇති බවය. ඊයේ රාත්‍රිය වන විට කටුවන පොලිසිය මුළුමනින්ම ගම්වාසීන්ගෙන් පිරි ගොස් තිබු බව වාර්තා විය. මේ වන විටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භය කර ඇත. වැටලීමට ගිය පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාර සිදුකරන්නට දැරූ උත්සාහයන් ගැනද ආරංචි පවතී. කුපිතවූ ඇතැම් ගම්වැසියන් ප්‍රදේශයේ මාර්ග වල ටයර් ද පුළුස්සා දමා පොලිසියට ගල් වලින් පවා පහරදී ඇති බවද වාර්තා වේ. මේ අතර එම ප්‍රදේශයට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ අවට පොලිස් ස්ථාන වලින් අතිරේක නිලධාරින් කැඳවා තිබූ බව වාර්තා විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu