gossiplanka alexa ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදෙන දවස ගැන නීතිඥවරුන්ගෙන් රනිල්ට ඉඟියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදෙන දවස ගැන නීතිඥවරුන්ගෙන් රනිල්ට ඉඟියක්

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව කෙසේවේද යන්න පිළිබඳව මුළු රටේම අවධානය යොමු වී තිබෙනවා.
කෙසේ නමුත් ඊයේ (10) අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අදාළ නඩුවේ තීන්දුව ඉදිරි දින දෙක ඇතුළත ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. නමුත් නීතිඥවරුන් දන්වා තිබෙන්නේ එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින සිදු විය හැකි බවය.

ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අදාළ නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ජනබල මෙහෙයුම පවත්වන ලෙසට සිවිල් සංවිධාන විසින් එක්සත් ජාතික පෙරමුණෙන් කරන ලද ඉල්ලීමක් අනුව නඩු තීන්දුවෙන් පසුව එළඹෙන සතියේදී නැවතත් එය පැවැත්වීමට සිය පෙරමුණ තීරණය කළ බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu