gossiplanka alexa කැබිනට් මණ්ඩළයම නිහඬ කරවමින් ජනපති පොලිස්පති ගැන කතා කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැබිනට් මණ්ඩළයම නිහඬ කරවමින් ජනපති පොලිස්පති ගැන කතා කරයි

යේ දින (02) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාව දැඩිව විවේඡනයට ලක් කර ඇති බව වාර්තා වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පවසා ඇත්තේ පසුගිය කාලයේ රටේ මංකොල්ලකෑම්, දූෂණ වැනි අපරාධ එන්න එන්නම වැඩි වූ නිසාවෙනි. එම අපරාධ සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවාදැයි නැවත අවධානය යොමු කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

එමෙන්ම අපරාධයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම තවත් අපරාධවලට උඩගෙඩි දීමක්‌ බවත්, පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා රටේ දෛනික කටයුතුවලටද දැඩි බාධාවක්‌ එල්ල වී තිබෙන අතර මේ තත්ත්වය වහාම නිවැරදි කරගත යුතු බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම පසුගිය සමයේ පොලිස්පතිවරයාගේ ඇතැම් හැසිරීම් පිළිබඳවද අදහස් දක්වමින් ජනපතිවරයා පවසා ඇත්තේ පොලිස්‌පතිවරයාගේ නොහොබිනා හැසිරීම් කොතරම්ද යත් ජනතාව අද පොලිසිය කෙරෙහි විශ්වාසයක්‌ නැති තත්ත්වයට පත්ව සිටින බවය. කෙසේ නමුත් ජනාධිපතිවරයා මෙලෙසෙ අදහස් පල කරන විටි කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමතිවරයෙක් අදහස් දක්වා නැති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu