gossiplanka alexa අම්බලන්තොට 17 හැවිරිදි සිසුවිය පැහැරගැනීමේ රංගනයේ සුළමුළ හෙළිවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අම්බලන්තොට 17 හැවිරිදි සිසුවිය පැහැරගැනීමේ රංගනයේ සුළමුළ හෙළිවෙයි

සුගිය 02 වනදා අම්බන්තොට වලේවත්ත මාමඩල ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කථා බහක් ඇති වුණා. ඒ  6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරුණියගේ නිවසට පැමිණ  ගිනිඅවි සහ තවත් ආයුධ පෙන්වා බිය වද්දා එම තරුණිය පැහැර ගෙන ගොස් ඇතැයි යන සිද්ධියක් සම්බන්දයෙන්ය.

කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පැහැරගැනීම සිදුකර තිබෙන්නේ අදාල තරුණියගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් බවයි. මෙම තරුණිය සහ අදාල තරුණයා සමඟ පෙම් සබඳතාවයක් වසර ගණනාවක සිටම පවත්වා ඇති අතර
මෙසේ පැන යාමට සැලසුම් කර ඇත්තේ තම දෙමාපියන් මේ සම්බන්ධයට විරුද්ධ වීම නිසා බවයි වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ. ඒ අනුව දුරකතනයෙන් අදාල තරුණිය විසින් තම පෙම්වතාට කතා කර තමන්ව රැගෙන යන ලෙස ඉල්ලා තිබෙන අතර තම දියණිය රාත්‍රී කාලයේ නිවසේ දොර ඇරීමට උත්සාහ කර තිබෙනවා.ඒ අවස්ථාවේ දෙමාපියන් විසින් ඊට ඉඩ ලබා දී නැහැ. පසුව පෙම්වතා විසින් දොර කැඩීමට උත්සාහ කළ අවස්තාවේදී වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වී තිබෙනවා

ඒ අනුව තංගල්ල ප්‍රදේශය භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් ප්‍රකාශ කර තිබෙන්නේ සිසුවිය පැහැරගෙන ගිය පෙම්වතාට එරෙහිව නිතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරනු ලබන බවත් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත බවත්ය. එසේම පෙම්වතා සමග සිසුවිය පැහැර ගැනීමට පැමිණි අනෙක් තරුණයින් සිවුදෙනා අද දිනය තුලදී පොලිසියට භාර වීමට නියමිතව තිබෙනවා.

Gossiplanka.com
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu