gossiplanka alexa සාධාරණය වෙනුවෙන් ගිනිඅවියක් අතට ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සාධාරණය වෙනුවෙන් ගිනිඅවියක් අතට ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

යේ (03දා) කළුතර තෙඹුවන ප්‍රදේශයේ සැරයන්වරයෙකු තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බවට පුවතක් වාර්තා වුණා. අදාළ සැරයන්වරයා මෙලෙස වෙඩි තබාගන්නවා යැයි ප්‍රකාශ කර ඇත්තේ තමා නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ රථයක් සිය භාරයට ගත්තත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් හේතුව නිසාය. සනත් ගුණවර්ධන නැමැති මෙම පොලිස් සැරයන්වරයා ඊයේ  දහවල් 12ට පමණ තම සේවා ස්ථානයෙන් පිටතට පැමිණ මෙලෙස සිය ගිනි අවිය පෙන්වමින් සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බව සඳහන් කර තිබෙනවා.

ඒ අවස්ථාවේ ඔහු සමග තෙඹුවන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඔහු සමඟ සාකච්ඡා කිරීමේදී නීතිගරුක නිලධාරියෙක් වන තමන් සාධාරණය අපේක්ෂා කරන බව සඳහන් කළ අතර පසුව පොලිස් නිලධාරියාගේ බිරිඳ සහ දරුවා ද එම ස්ථානයට පැමිණියා. පසුව පැය දෙකක පමණ කාලයකින් පසු සැරයන් ගුණවර්ධන මහතා මෙල්ල කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ පියවර ගත් අතර මෙහිදී වෙඩි තැබීමක් සිදුවූ අතර, ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

මෙලෙස තෙබුවන ප්‍රදේශයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන් ලෙස හැසිරුනු මෙම පොලිස් නිලධාරියා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කළ ඇති අතර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ පොලිස් නිලධාරියාගේ සේවයද තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි.

වැඩිදුර විස්තර පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu