gossiplanka alexa මහින්ද නිසා හෙට සිට කොත්තු බත් පැකට් තේ මිල පහලට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහින්ද නිසා හෙට සිට කොත්තු බත් පැකට් තේ මිල පහලට

මේ අවස්ථාවේ පවතින දේශපාලන තත්ත්වය හේතු කරගනිමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් සියලූම ආපනශාලා නිෂ්පාදනයන්ගේ මිල ගණන් හෙට (29) දින සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බත් පාර්සලයක

මිල රුපියල් දහයකිනුත්, තේ කෝප්පයක මිල රුපියල් පහකිනුත් අඩුවීමට නියමිතව ඇති අතර මෙම මිල ගණන් හෙට සිටම අඩුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ මහතා තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,
පසුගිය වසර 3ක කාලය තුල ජනතාව විඳවූ බවත් වත්මන් ජනපතිවරයා සහ නව අගමැතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි පූර්ණ විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ තීරණය ගත්තේ බලාපොරොත්තු දැල්වීමක් විදියටයි. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බද්ද අඩු කළ යුතු බවත්, අහාර වල මිල පාලනය කර ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කර සිටියා.

හෙට සිට මිල අඩු වීමට නියමිත ආපනශාලා නිෂ්පාදනයන්-
බත් පාර්සලයක - මිල රුපියල් 10 කින් අඩු වෙයි
කොත්තු - මිල රුපියල් 10 කින් අඩු වෙයි
තේ කෝප්පයක - මිල රුපියල් 05 කින් අඩු වෙයි

Gossiplanka.com
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu