gossiplanka alexa අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් සිදුකළ අනතුරකින් අගමැතිවරයා නූලෙන් බේරෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් සිදුකළ අනතුරකින් අගමැතිවරයා නූලෙන් බේරෙයි

සුගියදා රාජගිරිය ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයෙන් පිටත්ව යෑමේදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් සිදුකළ අනතුරකින් අග්‍රාමාත්‍යවරයා නූලෙන් බේරී තිබෙනවා.
එම අනතුරෙන් ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාගේ සමීප ඥාතිවරියකගේ අවමංගල්‍ය උත්සවයයට සහභාගි වීම සඳහා අගමැතිවරයා රාජගිරිය ප්‍රදේශයට පැමිණ තිබෙනවා. මෘත දේහයට අවසන් ගෞරව දැක්වූ අගමැතිවරයා එම නිවෙසින් පිටත්ව යෑමට ඔහුගේ නිල රථයට නැඟීමට පැමිණි මොහොතේදී මෙම අනතුර සිදු වී ඇත.

අගමැතිවරයාගේ පැමිණීම හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයට රථ වාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරීන්ද පැමිණ තිබෙනවා. අගමැතිවරයා සිය නිල රථයට නැඟීමට සූදානම් වෙද්දී රාජගිරිය දෙස සිට මොරගස්මුල්ල දෙසට අධික වේගයෙන් යතුරුපැදියක් පැමිණ ඇති බව පොලිසිය පවසනවා. එම යතුරුපැදිය නතර කිරීමට රථ වාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් සංඥා කළද පොලිස් සංඥා නොතකමින් ඉදිරියට ඇදුණු යතුරුපැදිය අග්‍රාමාත්‍යවරයා ආසන්නයේ සිටි ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ ඇඟේ හැපී බිම පෙරළී තිබෙනවා. එම අනතුරෙන් අගමැතිවරයා හාස්කමකින් මෙන් බේරී තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් යතුරුපැදිකරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුරට පත් ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා රෝහල් ගත කර තිබෙනවා. පසුව අග්‍රාමාත්‍යවරයා විශේෂ ආරක්‍ෂාවක් මැද එම ස්ථානයෙන් පිටත්ව තිබෙනවා.

අනතුරුව සැකකාර යතුරුපැදිකරු වැලිකඩ පොලිස් ස්ථානය වෙත රැගෙන විත් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර යතුරුපැදිකරු 20 හැවිරිදි වියෙහි පසු වන අතර ඔහු රාජගිරිය, යූ.ඊ. පෙරේරා මාවතේ පදිංචිකරුවෙකු බවත්ය. තවද ඔහුට වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති බවත් එම හේතුවෙන් පොලිසියට බිය වී එම ස්ථානයෙන් පලා යෑමට උත්සාහ දැරීමේදී මෙම අනතුර සිදුවූ බවත්ය. කෙසේවෙතත් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සෙවීමට වැලිකඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා. සැකකරු ඊයේ (27දා) අලුත්කඩේ අංක 07, මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. එසේම තුවාලකරුවන්හට වන්දි මුදල් ලබා දීමටද එහිදී යතුරුපැදිකරු එකඟ වී තිබෙන බව සඳහන් වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu