මත්ද්‍රව්‍ය භාවිත කරමින් කලහ කළ ජනප්‍රිය ගායක දමිත් අසංක රක්ෂිත බන්ධනාගාරයට

ලබන මස 09 වනදා දක්වා ජනප්‍රිය ගායක දමිත් අසංක රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පෙරේදා (26දා) රාත්‍රීයේ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් වැලල්වායේ පිහිටි ඔහුගේ නිවසකදී ඔහු කලහකාරීව හැසිරී ඇති අතර පසුව අසල් වාසීන් පොලීසියට කළ දැනුම් දීමක් අනුව ඔහුව අත්ංඩගුවට ගෙන තිබුණා. පසුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඊයේ (27දා) ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය දී තිබෙනවා.

දමිත් අසංකව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසටද අධිකරණය නියෝගයක් නිකුත් කොට තිබෙන අතර රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහු මොණරාගල බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu